header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පුරාවිද්‍යා දෙසතිය හෙටින් ඇරඹෙයි
Jul 06, 202607:45 AM
පුරාවිද්‍යා දෙසතිය හෙටින් ඇරඹෙයි
Mobitel 1278

දිවයින පුරා පිහිටි පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන සහ ඊට සමගාමීව සංවිධානය කර ඇති පුරාවිද්‍යා දෙසතිය හෙට (07) සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ප්‍රකාශ කළේ මෙරට ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන හඳුනාගෙන ඒවායේ කැණීම්, ගවේෂණ සහ සංරක්ෂණ කටයුතු කඩිනම් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බවය.

සමස්ත ව්‍යාපෘතිය යටතේ පුරාවිද්‍යා ස්ථාන 1,000ක් සංරක්ෂණය කිරීමට නියමිත අතර, හෙට ඇරඹෙන පුරාවිද්‍යා දෙසතිය තුළ එහි පළමු පියවර ලෙස හඳුනාගත් ස්ථාන 100ක වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතව බව ද සඳහන්.

පුරාවිද්‍යාත්මක ස්ථාන සුරැකීම සඳහා මහජනතාවගේ දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින්, අදාළ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් "ප්‍රජා සංරක්ෂණ කමිටු" පිහිටුවීමට ද මෙහිදී පියවර ගෙන තිබේ.

මෙම ප්‍රජා සංරක්ෂණ කමිටු හරහා ඉදිරිපත් වන යෝජනා සහ අදහස්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීන්ගේ උපදෙස් හා සෘජු මැදිහත්වීම මත ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

"ජූලි මාස හත්වෙනිදා පුරාවිද්‍යා දෙසතිය ආරම්භ වීමට නියමිතයි. මෙවර පුරාවිද්‍යා දෙසතියේ මූලික තේමාව හැටියට අපි නම් කොට තිබෙන්නේ 'උරුමයට ජීවයක්' කියන තේමාව. ඒ තුළින් අපි අදහස් කරන්නේ අපේ රටේ ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන හඳුනාගෙන, ඒ ස්ථාන සමහර තැන් තිබෙනවා සංරක්ෂණය කළ යුතු, සමහර ස්ථාන තිබෙනවා කැණීම් කළ යුතු, අන්න එවැනි ස්ථාන වෙනුවෙන් මේ කටයුත්ත අපි යොදාගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි ඉදිරි කාලය තුළ 'උරුමයට ජීවයක්' පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීම කියන මූලික වැඩසටහන යටතේ තමයි මේ කටයුත්ත ආරම්භ කරන්නේ. ජූලි හත්වෙනිදන් පටන් ගන්න පුරාවිද්‍යා දෙසතිය තුළ ආරම්භක කාර්යයක් හැටියට අපි එවැනි ස්ථාන සීයයක් හඳුනාගෙන, වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා."

"ජනතාව මේ ස්ථාන වෙනුවෙන් කරන කැපවීම, මැදිහත්වීම යම් මට්ටමකට අඩුයි. ඒ තත්ත්වය සැලකිල්ලට අරගෙන අපි කල්පනා කළා මේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන හඳුනා ගත්තහම ඒ ස්ථානයේ නිශ්චිත පුරාවිද්‍යා ස්ථානයක් හැටියට නම් කරලා, ඒ ප්‍රදේශය ආශ්‍රිත ජනතාවගේ සහභාගිත්වය සහිතව ප්‍රජා සංරක්ෂණ කමිටුවක් ගොඩනගන්න. ඒ ප්‍රජා සංරක්ෂණ කමිටුව හරහා තමයි ඇත්තටම එතනින් අනතුරුව ඒ ස්ථානයේ කෙරෙන කැණීම් කටයුත්තක් කෙරෙනවද, ගවේෂණ කටයුත්තක් කෙරෙනවද, සංරක්ෂණ කටයුත්තක් කෙරෙනවද කියන එක පිළිබඳව යෝජනා අදහස් ලබාගන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඊට අදාළ තාක්ෂණික දැනුමක් තියෙන නිලධාරීන්ගේ සහභාගිත්වය සහිතව. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ප්‍රජාව මේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානත් එක්ක සම්බන්ධ වුණහම අපි අර බලාපොරොත්තු වෙන ආරක්ෂා කර ගැනීම ක්‍රියාකාරීව කරගන්න පුළුවන්කමක් ලැබෙයි කියලා. ඒ පරමාර්ථය මූලික කරගෙන පුරාවිද්‍යා දෙසතිය තුළ මේ කටයුත්ත ආරම්භ කරන්න කටයුතු සංවිධානය කර තිබෙනවා."

MostRead
Mobitel 1278
VideoStories
 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ