මීගමුව බන්ධනාගාර ගැටුමින් දිවි අහිමි වූ තරංග
July 7, 2026 11:34 am
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමින් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකුට දිවි අහිමි වූ අතර, දර්ශන තරංගත් ඒ අතරින් අයෙකි.
බුලත්සිංහල දෙල්මෑල්ල අඹගහකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි බන්ධනාගාර පොලීසියේ දර්ශන තරංග අතුකෝරල මියයන විට 36 වන වියේ පසුවුණි.
බුලත්සිංහල ජාතික පාසලෙන් අධ්‍යාපනය හදාරා ඇති තරංග, සහෝදරයින් දෙදෙනෙකු සහ සහෝදරියක් සිටින පවුලේ බාලයාය.
කුඩා කළ සිටම ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතා දැක්වූ මීට වසර තුනකට පමණ පෙර විවාහ පත්ව ඇති අතර, මියයන විට මාස හතක බිලිඳියකුගේ පියෙකි.
තරංගයේ අහිමි වීමෙන් කම්පනයට පත්වූ මව සහ පියා අද දෙරණට මෙලෙස අදහස් දැක්වීය.
“පුතාට කතා කළා ෆොන් එක උස්සන්නේ නෑ...අනේ මට තාමත් කතා කරේ නෑ”
