header logo
SLIC
උණුසුම් පුවත්
බලවේග කට්ටල හිඟයෙන් KKS නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය දින 4කට සීමා වෙයි
Jul 07, 202611:53 AM
බලවේග කට්ටල හිඟයෙන් KKS නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය දින 4කට සීමා වෙයි
Mobitel 1278

ධාවනය සඳහා ප්‍රමාණවත් බලවේග කට්ටල (Power Sets) නොමැති වීම හේතුවෙන්, දිනපතා ධාවනය වූ කොළඹ - කන්කසන්තුරය නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සතියකට දින හතරක් පමණක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව, මීට පෙර දිනපතා උදෑසන 05.15 ට ගල්කිස්සෙන් ආරම්භ වී, උදෑසන 05.45 ට කොළඹ කොටුවෙන් කන්කසන්තුරය බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ පස්වරු 01.50 ට කන්කසන්තුරයෙන් ගල්කිස්ස බලා ධාවනය වූ දුම්රිය, 2026 ජූලි මස 10 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා යන දින හතරේ පමණක් ධාවනය කිරීමට නියමිතය.

යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය ද මේ වන විට දිනපතා ධාවනය නොවන අතර, එය ධාවනය වන්නේ දිනක් හැර දිනක් පමණි.

මෙම නව සංශෝධනයත් සමඟ සෑම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම උදෑසන කාලයේ කොළඹ සිට යාපනය හෝ කන්කසන්තුරය දක්වා ධාවනය වන කිසිදු දුම්රියක් නොමැති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පෙන්වා දෙයි.

එම දිනවල කන්කසන්තුරය බලා ධාවනය වන එකම දුම්රිය වන්නේ රාත්‍රී 08.00 ට පිටත්වන රාත්‍රී තැපැල් (Night Mail) දුම්රිය පමණි.

දුම්රිය හිඟය හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගය භාවිතා කරන මගී ජනතාව මේ වන විටත් දැඩි අපහසුතාවන්ට ලක්ව සිටිති.

පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීමට වගකිවයුතු දෙපාර්තමේන්තු ප්‍රධානීන් හෝ ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙතෙක් නිසි පියවර ගෙන නොමැති බවට චෝදනා එල්ල වේ.

මේ හේතුවෙන් ඉදිරි කාලයේදී මෙම දුම්රිය අර්බුදය තවදුරටත් උග්‍ර විය හැකි බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා අවධාරණය කර සිටියි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව