header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන 27ක් දක්වා ඉහළට
Jul 07, 202610:09 AM
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන 27ක් දක්වා ඉහළට
Mobitel 1278

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු මියගොස් තිබේ.

ඒ අනුව මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් 7දෙනෙකු සහ රැඳවියන් 20දෙනෙකු සිටින අතර බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 53 දෙනෙකු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.

පසුගිය 05 වන දින මීගමුව බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට විරෝධය දක්වන පිරිසක් අතර කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබුණි.

එහිදී දෙපාර්ශ්වයේ ම රැඳවියන් තුවාල ලැබූ අතර ඉන් රැඳවියන් 2දෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබීය.

ඊයේ (06) පෙරවරුවේ නැවතත් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක් හටගත් අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් එය පාලනය කිරීමට උත්සහ කිරීමත් සමඟ රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන්ට පහර දී තිබුණි.

එහිදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් 100කට අධික පිරිසක් තුවාල ලැබූ අතර 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

මේ අතර, මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ කලහකාරී තත්ත්වය පිළිබද කොළඹ අපරාධ කොට්ඨාශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ, මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවය.

බන්ධනාගාරයේ රැඳී සිටි රැඳවියන් 700 දෙනෙකු පමණ ආරක්ෂාව සඳහා අගුණකොළපැලැස්ස, දුම්බර, අනුරාධපුර, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මාරුකර යැවීමට පියවර ගෙන ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් සහ පුළුල් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් වි‍ශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් අදාළ කමිටුව පත්කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ මිලින්ද ගුණතිලක මහතා සහ ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා එම කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.

අදාළ කමිටුව විසින් සිද්ධිය පිළිබද සියලු කරුණු පුළුල් ලෙස විමර්ශනය කර ඊට හේතුවූ කරුණු, ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සහ එවැනි සිදුවීම් යළි ඇති වීම වැළැක්වීම සඳහා ගතයුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් රජයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (07) සිදුකිරීමට නියමිතය.

මේ අතර අදාළ ගැටුමෙන් මියගිය රැඳවියන් හඳුනා ගැනීම සඳහා ඥාතීන්ට අවස්ථාව ලබාදී තිබේ.

මියගිය පුද්ගලයින්ගේ ඡායාරූප රෝහලේ ප්‍රදර්ශනය කර ඇති අතර ඒවා හඳුනා ගැනීමට අද දිනයේ අවස්ථාව ලබාදී ඇති බව මීගමුව රෝහල සඳහන් කළේය.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana