header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ගෙවුණු මාස 7ට රිය අනතුරුවලින් පුද්ගලයින් 1,424ක් ජීවිතක්ෂයට
Jul 07, 202607:16 AM
ගෙවුණු මාස 7ට රිය අනතුරුවලින් පුද්ගලයින් 1,424ක් ජීවිතක්ෂයට
Mobitel 1278

වසරේ මේ දක්වා කාල සීමාව තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 1,424 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ජනවාරි 01 වැනිදා සිට ජූලි 05 වැනිදා දක්වා වූ කාලය තුළ මාරක අනතුරු 1,355ක් සිදුව ඇති බව පොලිස් රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කර සිටියේ ජාතික අනතුරු වැළැක්වීමේ සතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

2025 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව මෙවර සමස්ත මාර්ග අනතුරු සංඛ්‍යාව 108කින් සහ මියගිය සංඛ්‍යාව 110කින් ඉහළ ගොස් ඇති බැවින් මෙය ඉතා බරපතළ තත්ත්වයක් වන බව ද එහිදී ඔහු පෙන්වා දුන්නේය.

දිනෙන් දින මාර්ග අනතුරු ඉහළ යාමට රියදුරන්ගේ අනවධානය, අපරීක්ෂාකාරී බව, අධික වේගය, මාර්ගවල පවතින දුර්වලතා මෙන්ම වාහන නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා ඇතිවන කාර්මික දෝෂ ද ප්‍රධාන වශයෙන් හේතු වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම පවතින සංඛ්‍යාලේඛන දත්තවලට අනුව මෙම අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව ඇති අයගෙන් වැඩි පිරිසක් පදිකයන් සහ යතුරුපැදිකරුවන් වන බව ද එහිදී ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව ගතවූ මාස 7ක කාලය තුළ පමණක් යතුරුපැදිකරුවන් 488දෙනෙකු සහ පදිකයන් 484දෙනෙකු මාර්ග අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා,

"දිනෙන් දින මාර්ග අනතුරු වැඩිවීමක් සිදුවෙනවා. රිය අනතුරු සිදුවෙන්න හේතුව එකක් තමයි රියදුරාගේ අනවධානය සහ අපරීක්ෂාකාරී බව සහ අධික වේගයෙන් රියදුරාගේ නොසැලකිලිමත්කම තමයි නිගමනය වෙන්නේ. අනෙක් එක තමයි මාර්ගයේ තියෙන දුර්වලතා. ඒ වගේම තියෙනවා කාර්මික දෝෂ. ඒ කියන්නේ රථය හරියට නඩත්තු නොකිරීම නිසා රිය අනතුරු බොහොමයක් සිද්ධ වෙනවා. 2026.01.01 සිට 2026.07.05 වෙනි දිනට මාර්ග අනතුරු වෙලා තියෙනවා 1,355ක්. ඒකෙන් 1,424 ක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි සමස්තයක් වශයෙන් ගත්තොත් 2025 ඒ වකවානුවත් 2026 මේ වකවානුවත් ගත්තොත් එහෙම මාර්ග අනතුරු 108ක වැඩිවීමක් තියෙනවා. මියගිය සංඛ්‍යාව 110ක වැඩිවීමක් තියෙනවා. ඒ හින්දා මේක බරපතල තත්ත්වයක්. ඇත්ත වශයෙන්ම අපි බැලුවොත් එහෙම සංඛ්‍යාලේඛන වශයෙන් ගත්තොත් එහෙම මේ රිය අනතුරුවලින් වැඩියෙන්ම මිය යන්නේ පදිකයන්. පදිකයන් මියගිහින් තියෙනවා 484ක්. එතකොට යතුරුපැදිකරුවන් මියයනවා 488ක්. මෙන්න මේ දෙගොල්ලෝ තමයි වැඩියෙන්ම මාර්ග රිය අනතුරුවලින් මිය යන්නේ සහ බරපතළ තුවාල ලබන්නේ."

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana