රාජකාරිය වෙනුවෙන් දිවි පිදූ ඔවුන් රටම හඬවා යන්නම යයි
July 8, 2026 01:54 pm
මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ නිසල දේහ වැලිකඩ බන්ධනාගාරය වෙත අවසන් ගෞරවය සඳහා අද (08) උදෑසන රැගෙන ආවේය.
දේහ රැගත් රිය පෙරහර ශ්වේත ශෝකී ධජ මැදින් නිසල දේහ බන්ධනාගාර පරිශ්‍රයට ගෙන එන ලද්දේ එම නිලධාරීන්ගේ ඥාතීන්, සමීපතමයන් මෙන්ම ඔවුන් සමඟ රාජකාරි කළ සහෝදර නිලධාරීන්ගේ සෝ සුසුම් මැදිනි.
තමන් සමඟ රාජකාරි කළ සහෝදර නිලධාරීන්ගේ වියෝව ඉවසාගත නොහැකි වූ බන්ධනාගාර නිලධාරීන් සිය මිතුරන්ට අවසන් ගෞරවය පුද කළේ සියලු දෙනාගේම දෙනෙත් කඳුළින් තෙත් කරමිනි.
සිය ආදරණීයන්ගේ දේහ දැකගන්නට මියගිය නිලධාරීන්ගේ මව්පියන්, බිරින්දෑවරුන්, දරුවන් ඇතුළු ඥාතීන් ද පැමිණ සිට තිබේ.
බන්ධනාගාර නිලධාරීන්, අවසන් ගමන් යන සිය සගයන් වෙත උත්තමාචාර පිරිනවා අවසන් ගෞරව දැක්වීමෙන් පසු දේහ පවුලේ ඥාතීන් වෙත භාරදෙනු ලැබීය.
බන්ධනාගාර ආරක්ෂාව වෙනුවෙන් රාජකාරිය නොපිරිහෙලා ඉටුකරමින් සිය හුස්ම වාතලයට මුසු කළ නිලධාරීන් වන්නේ පළමු පෙළ ජේලර් එස්.එස්.ජී.චන්ද්‍රවංශ, ක්ෂණික ප්‍රහාරක උපක්රමික බලකායේ සැරයන්වරුන් වන ආර්.පී.ආර්.සංජීව, T.N.R. තිලකසිරි, D.W. පුෂ්පකුමාර, S.D.S. අබේවර්ධන, B.N.N. තරංග සහ A.D.තරංග යන මහත්වරුන් ය.
මෙම නිලධාරීන්ට අවසන් ගෞරව පුදකිරීම සඳහා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ද පැමිණ සිටියේය.
