header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඉදිරි උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉවත් වීමේ සූදානමක
Jul 10, 202603:36 PM
ඉදිරි උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉවත් වීමේ සූදානමක
Mobitel 1278

2026 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

මේ සම්බන්ධව මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලු සම්බන්ධව අවස්ථා කිහිපයකදීම රජය සමග සාකච්ඡා කළත් මෙතෙක් විසඳුම් ලබා නොදීම හේතුවෙන් එළැඹෙන උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට සම්බන්ධ වීම ගැන තීරණයක් ගැනීමට සිදුවන බව එම සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ප්‍රගීත් වීරතුංග මහතා සඳහන් කළේය.

ඒ අනුව පසුගිය දින පැවැති විශ්වවිද්‍යාලවල සියලු ආචාර්ය සංගම් එකතුව ප්‍රධාන රැස්වීමක් පැවැත්වුව බවත් පැවසූ ඒ මහතා එහිදී වෘත්තිය ක්‍රියාමාර්ගවලට අනුගත වීම සඳහා ඒකමතික තීරණය කළ බවද මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම සාමාන්‍ය අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ සියලුම ස්වේච්ඡා වැඩකටයුතුවලින් ඉවත් වීමටත් තීරණය කර ඇති බවත් පැවසූ ඒ මහතා ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් ද තීරණයක් ගන්නා බවද වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රගීත් වීරතුංග මහතා,

"අපි පෙරේදා දිනයේදී සියලූම විශ්වවිද්‍යාලවල ඉන්න ආචාර්ය සංගම් එකතු වෙලා අපේ ප්‍රධාන රැස්වීම අපි පැවැත්වුවා. ඒ රැස්වීමේදි අපි ඒකමතිකව තීරණය කළා අපි වෘත්තිය ක්‍රියාමාර්ගවලට යනවා. මොකද අවුරුදු එකහමාරක් තිස්සේ සාකච්ඡා කරලා ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලය විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ දරුවා පාසලට දාගන්න බැරි නම් මේ ආණ්ඩුවත් එක්ක තවදුරටත් සාකච්ඡා කරලා තේරුමක් නෑ. ඒ නිසා අපි මූලික වශයෙන් මුලින්ම යම් යම් වෘත්තිය ක්‍රියාමාර්ගවලට යන්න අපි තීරණය කළා. විශේෂයෙන්ම සාමාන්‍ය අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ සියලූම ස්වේච්ඡා වැඩවලින් ආචාර්යවරු ඉවත් වෙන්න. විශය නිර්දේශ ප්‍රතිසංස්කරණය, මොඩියුල් ප්‍රතිසංස්කරණය, ගුරු පුහුණුව, සම්මන්ත්‍රණ ආදී මේ කියන මේ හැමදේකටම විශ්වවිද්‍යාල ආචාර්යවරු ස්වචේඡාවෙන් සම්බන්ධ වෙන්නේ. මේ කටයුතුවලින් අපි ඉවත් වෙන්න තීරණය කළා. සති දෙකක කාලයක් මේ රජයට ලබා දෙනවා සති දෙකක කාලයක් ඇතුළත අපිට නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් අපි තීරණය කරනවා ඉදිරියේදී එන උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අපි සම්බන්ධ වෙනවාද නැද්ද කියන එක ගැන."

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana