header logo
SLIC
උණුසුම් පුවත්
මහා භාණ්ඩාගාරයේ 'e-mail' පද්ධතිය 2019 වසරේ සිට යල්පැනලා
Jul 11, 202612:11 PM
මහා භාණ්ඩාගාරයේ 'e-mail' පද්ධතිය 2019 වසරේ සිට යල්පැනලා
EDEX

මහා භාණ්ඩාගාරයේ පවතින 'e-mail' පද්ධතිය 2019 වසරේ දී යල් පැනගිය ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (SLCERT) නිලධාරීන්, රජයේ මුදල් පිළිබද කාරක සභාව (CoPF) හමුවේ අනාවරණය කර තිබේ.

එහිදී එම සංසදය පෙන්වා දී ඇත්තේ, එහි හුවමාරු වූ පණිවුඩ අනාරක්ෂිත තත්ත්වයක පැවති බවය.

මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක්, වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් CoPF සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිදුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම නිලධාරීන් මේ බව පැවසීය.

එහිදී SLCERT නිලධාරීන් වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ, මහා භාණ්ඩාගාරය සතු E-mail Server එක 2016 වසරේ ලබාගෙන ඇති බවය.

එමෙන්ම එය 2019 වසරේදී සිට යල්පැනගොස් ඇති බවත්, 2026 දක්වා එය භාවිතාකර ඇත්තේ 'Updates' නොකර බවත් පැවසීය.

ඒ අනුව මහා භාණ්ඩාගාරය සතු තොරතුරු පිටතට ගියේ යල්පැනගිය Server එකකින් බව අනාවරණය විය.

මේ අතර SLCERT මෙහිදී CoPF කමිටුවට පවසා ඇත්තේ රාජ්‍ය ආයතනවලට මාර්ගෝපදේශ ලබාදී තිබෙන බවත්, ආරක්ෂක තක්සේරු (Security assessment) සිදුකරන බවත්ය.

ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය 2025 වසරේ සැප්තැම්බර් මාසයේ ක්‍රියාත්මක කිරීමෙන් පසු මහා භාණ්ඩාගාරයටද උපදෙස් ලබාදුන් බවත් මෙහිදී පැවසීය.

https://youtu.be/Wh8-2cUAckE
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight