header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි
Jul 12, 202611:41 AM
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි
Mobitel 1278

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා වන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 74 වන වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු 2012 වසරේදී මෙරට සංචාරයක නිරත වූයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙනි.

එය කටාර් රාජ්‍ය නායකයෙකු මෙරට සිදුකළ ඉතිහාසයේ පළමු රාජ්‍ය සංචාරය ද විය.

මිත්‍රශීලී මෙන්ම ආකර්ශනීය පෞරුෂයකින් හෙබි ''Father Emir'' ලෙස සැලකෙන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි 1995 වසරේදී එරට බලයට පත් විය.

නවීන කටාර් රාජ්‍යයේ නිර්මාණකරු ලෙස සැලකෙන ඔහු, එරට සංවර්ධන, ප්‍රතිසංස්කරණ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් සිදු කිරීමට පියවර ගත්තේය.

ඔහුගේ පාලන කාලය තුළ කටාර් රාජ්‍යයේ දළ දේශීය නිෂ්පාදිතය 24 ගුණයකට වඩා වැඩි කිරිමට සමත් වූ අතර, 2006 වන විට ස්වාභාවික වායු අපනයනය කරන ලොව විශාලතම රට බවට පත් කිරීමට ද ඔහු සමත් විය.

ඉන් වසර හතරකට පසු කටාර්හි වාර්ෂික LNG නිෂ්පාදන ධාරිතාව ටොන් මිලියන 77 දක්වා ඉහළ නැංවීමට හැකි වූ බව එරට රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දී තිබේ.

ඔහුගේ පාලන සමය තුළ 'කටාර් පදනම' පිහිටුවීම, 1996 දී ලොව ප්‍රමුඛතම 'අල් ජසීරා' (Al Jazeera) පුවත් නාලිකාව ආරම්භ කිරීම, 2004 දී කටාර්හි ප්‍රථම ස්ථිර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීම සහ කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට මෙන්ම අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට අයිතිය ලබා දෙමින් පළාත් පාලන මැතිවරණ හඳුන්වා දීම වැනි සුවිශේෂී ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ රැසක් සිදු විය.

එසේම ඔහුගේ නායකත්වය යටතේ 'කටාර් ජාතික දැක්ම 2030' (Qatar National Vision 2030) ප්‍රතිපත්තිය දියත් කළ අතර, 2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීමේ සත්කාරක අයිතිය දිනා ගැනීමටද කටාර් රාජ්‍යය සමත් විය.

1952 ජනවාරි මාසයේදී දෝහා නුවර උපත ලැබූ ෂෙයික් හමාඩ්, බ්‍රිතාන්‍යයේ සෑන්ඩ්හර්ස්ට් රාජකීය හමුදා ඇකඩමියෙන් (Royal Military Academy Sandhurst) උපාධිය ලබා පසුව කටාර් සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරියා බවට පත්විය.

1977 දී ආරක්ෂක අමාත්‍යවරයා බවට පත් වූ ඔහු, 1995 ජූනි 27 දින එමීර්වරයා ලෙස බලයට පත් විය.

පසුව 2013 ජූනි 25 දින ඔහු එම ධුරය සිය කැමැත්තෙන්ම සිය පුත් ෂීක් තමීම් බින් හමාඩ් අල් තානි (Sheikh Tamim bin Hamad Al Thani) වෙත පවරන ලදී.

සිය ධුරයෙන් ඉල්ලා අස්වෙමින් සහ එවකට 33 හැවිරිදි වියේ පසුවූ සිය පුත්‍රයා වෙත බලය හුවමාරු කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ෂෙයික් හමාඩ් "මේ මාතෘභූමියේ දරුවනි, අනාගතය රැඳී තිබෙන්නේ ඔබ ඉදිරියෙහිය. තරුණ නායකත්වයක් පෙරටු කරගනිමින් ඔබ මේ පිවිසෙන්නේ නව යුගයකටයි." ලෙස පවසා ඇත.

MostRead
Mobitel 1278
VideoStories
ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana