header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
Disney සමාගමේ 'Moana' අලුත්ම සජීවීකරණ චිත්‍රපටය
Jul 12, 202602:59 PM
Disney සමාගමේ 'Moana' අලුත්ම සජීවීකරණ චිත්‍රපටය
Mobitel 1278

Disney සමාගමේ අලුත්ම Live-action චිත්‍රපටය වන “Moana” තිරගත කළ පළමු දිනයේම අමේරිකානු බොක්ස් ඔෆිස් හි පෙරමුණ ගැනීමට සමත් වුවද, එය ඩිස්නි සමාගම බලාපොරොත්තු වූ තරම් ඉහළ ආදායම් වාර්තාවක් තබා නොමැති බව වාර්තා වේ.

උතුරු අමෙරිකාවේ සිනමාශාලා 3,875 ක තිරගත වූ මෙම චිත්‍රපටය පළමු දිනයේ උපයා ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 18ක් පමණි.

ආරම්භක සති අන්තය අවසානයේදී එය ඩොලර් මිලියන 45ක ආදායමක් ලබනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙය 2016 වසරේ නිකුත් වූ මුල්ම ඇනිමේෂන් “Moana” චිත්‍රපටය සිය පළමු සති අන්තයේ ලැබූ ඩොලර් මිලියන 56ක ආදායමට වඩා අඩු අගයකි.

ඩිස්නි සමාගම මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා ඩොලර් මිලියන 250ක අතිදැවැන්ත පිරිවැයක් දරා ඇති බැවින්, වියදම පියවා ගැනීමට නම් මෙම චිත්‍රපටය සිනමාශාලා තුළ තවදුරටත් සාර්ථකව ප්‍රදර්ශනය විය යුතුව ඇත. මෑත කාලයේ නිකුත් වූ “The Little Mermaid” (2023) සහ “Snow White” (2025) වැනි සජීවීකරණ චිත්‍රපට ද බලාපොරොත්තු වූ තරම් ආදායම් නොලැබූ අතර, ප්‍රේක්ෂකයන් එකම ආකාරයේ ප්‍රතිනිර්මාණ නැරඹීමෙන් තරමක් වෙහෙසට පත්ව සිටීම මීට හේතුව විය හැකි බව සිනමා විචාරකයෝ පවසති.

මෙම “Moana” චිත්‍රපටයේ ද්වීපාර්ශවික අර්ධ දේවතාවා වන Maui ගේ චරිතයට සුපිරි නළු Dwayne Johnson පණ පොවන අතර මෝආනා ලෙස Catherine Laga’aia රංගනයෙන් දායක වේ.

Evil Dead Burn -සිකුරාදා දින ඩොලර් මිලියන 6.7ක ආදායමක් ලබමින් බොක්ස් ඔෆිස් හි දෙවන ස්ථානයට පත්විය. සති අන්තය වන විට මෙය ඩොලර් මිලියන 15ක් උපයනු ඇතැයි අපේක්ෂා කෙරේ. අඩු පිරිවැයකින් නිපදවා ඇති බැවින් මෙම චිත්‍රපටයට පහසුවෙන්ම ලාභ ලැබිය හැක.

Minions & Monsters- තිරගත වන දෙවන සති අන්තයට එළඹෙමින් සිකුරාදා ඩොලර් මිලියන 6.5ක් උපයා තෙවන ස්ථානය දිනා ගත්තේය. මෙහි සමස්ත අමෙරිකානු ආදායම සති අන්තය වන විට ඩොලර් මිලියන 108ක් වනු ඇත.

Toy Story 5 - ඩොලර් මිලියන 5.7ක් උපයමින් සිව්වන ස්ථානයට පත්වූ අතර, සති හතරක් ඇතුළත එහි සමස්ත අමෙරිකානු ආදායම ඩොලර් මිලියන 403ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉතා ඉක්මනින්ම මෙය ඩොලර් බිලියනයේ සීමාව පසුකර යනු ඇතැයි විශ්වාස කෙරේ.

The Invite: A24 සමාගමේ මෙම චිත්‍රපටය සිකුරාදා ඩොලර් මිලියන 2.4ක් උපයමින් පස්වන ස්ථානයට පත්විය. ඩොලර් මිලියන 12ක සුළු පිරිවැයකින් හැදූ මෙම චිත්‍රපටයට මෙය ඉතා සාර්ථක ආරම්භයකි. ඔලිවියා වයිල්ඩ් මෙහි අධ්‍යක්ෂණය සහ රංගනය සිදුකරයි.

MostRead
Mobitel 1278
VideoStories
ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana