header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ටත් සම අවස්ථාව
Jul 13, 202612:26 PM
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ටත් සම අවස්ථාව
Mobitel 1278

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්, ඔටිසම් (Autism) සහ අනෙකුත් ස්නායු ආබාධ සහිත දරුවන්ට සාමාන්‍ය පෙර පාසල් දරුවන් සමගම එක්ව ඉගෙනීමට අවස්ථාව සලසා දීමේ විශේෂ වැඩපිළිවෙලක් රජය විසින් ආරම්භ කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (13) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළේ, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ව සමාජයෙන් වෙන්කොට වෙන වෙනම ඉගැන්වීමේ පැරණි ක්‍රමය අත්හැරීමට රජය තීරණය කර ඇති බවය.

මේ වෙනුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව හා එක්ව නව ඒකාබද්ධ වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර තිබේ.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට වෛද්‍ය උපදෙස් සහිතව ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපන ක්‍රමයක් වගේම චර්යාත්මක හැඩගැසීම් ද අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරිය, එම දරුවන් වෙන් නොකර සාමාන්‍ය දරුවන් අතරේම හැදී වැඩීමට අවස්ථාව දීම ඉතාමත් වැදගත් බව පෙන්වා දුන්නාය.

මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා මූලික පියවරක් ලෙස, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හැසිරවිය යුතු ආකාරය පිළිබඳව පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ සහ පුහුණු කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.

ලංකාවේ පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙළේ විශේෂිත ආයතන කිහිපයක් ද මේ සඳහා ඉතා ඉහළ සහයෝගයක් ලබා දෙන බව අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන පද්ධතිය තුළ මුල් ළමාවිය අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පවතින අවස්ථා මේ වන විට සීමිත මට්ටමක පවතින බවද ඇය මෙහිදී පෙන්වා දුන්නාය.

ඒ අනුව ඉදිරියේදී එම දරුවන්ගේ අවශ්‍යතා මනාව සපුරාලිය හැකි පෙර පාසල් පද්ධතියක් රට තුළ පුළුල් කිරීමට කටයුතු කරන බව ද අවධාරණය කළාය.

MostRead
Mobitel 1278
VideoStories
අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana