header logo
SLIC
උණුසුම් පුවත්
මීගමු ඛේදවාචකයෙන් මියගිය අය සිහිපත් කර මතක බණක්
Jul 13, 202603:33 PM
මීගමු ඛේදවාචකයෙන් මියගිය අය සිහිපත් කර මතක බණක්
EDEX

මීගමුව බන්ධනාගාරයේ ඇති වු සිද්ධියෙන් මියගිය නිලධාරීන් සහ රැඳවියන් සිහිපත් කර ඔවුන්ට පිං අනුමෝදන් කිරීමේ මතක බණ ධර්ම දේශනයක් පුජ්‍ය මීගොඩ සුඛිත ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් අද (13) පෙරවරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මෙනෙවිය, වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා ඇතුළු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්වී ඇත.

මේ අතර, මීගමුව බන්ධනාගාරය තුළ ඇති වු සිද්ධියෙන් මියගිය නිලධාරීන් සහ රැඳවියන් සිහි කරමින් පිං අනුමෝදන් කිරීම සහ සිද්ධියෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන නිලධාරීන්ට සහ රැඳවියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කිරීම ද සිදුවිණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight