header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු
Jul 13, 202609:32 AM
ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු
Mobitel 1278

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් තරුණයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මොණරාගල, මාගන්දනමුල්ල මාර්ගයේ ලිදේකඩේ හන්දිය ප්‍රදේශයේදී සිදු අනතුරකින් වයස අවුරුදු 52ක් වූ පුද්ගලයෙකු මියගොස් තිබේ.

මොණරාගල දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු සහ ලොරි රථයේ රියැදුරු තුවාල ලබා සිරිගල රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී යතුරුපැදිකරු මෙලෙස මියගොස් තිබේ.

මොණරාගල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මහනුවර - යාපනය ප්‍රධාන මාර්ගයේ ගොවිපල හන්දිය ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් ද කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාතලේ දෙස සිට කටුගස්තොට දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් පදික කාන්තාව බරපතළ තුවාල ලබා කටුගස්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ඇය මියගොස් සිට ඇති බව පොලීසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 56ක් වූ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියකි.

බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර වැලිවේරිය බියගම මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී බියගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රීරෝද රථයක ගැටී අනතුරුව කාර් රථයකද ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් එක් ත්‍රිරෝද රථයේ රියැදුරුවරයෙකු බරපතළ තුවාල ලබා උඩුපිල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.

එමෙන්ම කාර් රථයේ රියැදුරු ද තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනෙක් ත්‍රීරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිවේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

හොරණ, මීපේ මාර්ගයේ මිල්ලෑව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් ද තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මීපේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරු පාදුක්ක රෝහලට ඇතුලත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී පැදිකරු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වූ මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොරගහහේන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

යාපනය, මන්නාරම මාර්ගයේ පල්ලිකුඩා හන්දියේදී මාන්නාරම දෙසට ධාවනය වූ බස් රථයක් දකුණට හැරවීමට යාමේදී පිටුපසින් ගමන්ගත් යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරු පුනරීන් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී පැදිකරු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වූ තෙලිකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පුනරීන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

MostRead
Mobitel 1278
VideoStories
ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana