උණුසුම් පුවත්

ලක්වාසී ජනතාවට සෙත්පතා කිරිවෙහෙරේ දී සර්වරාත්‍රික පිරිත් දේශනාවක්

ඓතිහාසික කිරිවෙහෙර අභියසදී ඊයේ (06) රාත්‍රියේ සිට රැය පහන්වන තුරු සර්වරාත්‍රික මහා පිරිත් දේශනාවක් පවත්වා තිබේ.

(0)Comments | December 7, 2025  3:30 pm

හානියට පත් කෘෂිකාර්මික ක්ෂේත්‍ර යථාවත් කිරීම සම්බන්ධව දැනුම්දීමක්

දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වයෙන් දැඩි ලෙස හානිවූ කුඹුරුවල ගොඩගැසී ඇති වැලි සහ වැලි මිශ්‍ර පස් ඉවත් කිරීම සඳහා වන අවසරය මහවැලි අධිකාරිය මේ වන විටත් ලබා දී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

(0)Comments | December 7, 2025  3:17 pm

ගංවතුරෙන් විනාශ වූ සහල් වෙළඳපොලට සැපයීමේ ජාවාරමක්

ගංවතුරෙන් විනාශ වී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කූඨ ලෙස සකසා වෙළඳපොලට සැපයීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අනාවරණය කරගෙන තිබේ.

(0)Comments | December 7, 2025  2:52 pm

ආදරය අරගෙන නාමල් හම්බන්තොටට

දිවයිනට බලපෑ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමේ "ආදරය"  වැඩසටහන ඊයේ හම්බන්තොටදී පැවැත්විණි.

(0)Comments | December 7, 2025  2:16 pm

''වන්දි ලබාදීමේ ප්‍රමුඛ අපේක්ෂාව කඩිනමින් යළි වගා කටයුතු ආරම්භ කිරීමයි''

ගංවතුර හේතුවෙන් විනාශ වී ගිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී වගාව මහ කන්නයේදී යළි අස්වැද්දීමට කඩිනමින් සූදානම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

(0)Comments | December 7, 2025  2:06 pm

ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 4,000 ඉක්මවයි

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා නිවාස 4,517ක් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

(0)Comments | December 7, 2025  1:51 pm

ආපදා මරණ 627ක් - 190ක් අතුරුදන්

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

(0)Comments | December 7, 2025  1:16 pm

ගිනි අවියක් ක්‍රියාත්මක වී පොලිස් නිලධාරියෙකු රෝහලට

මාලඹේ පොලිස් ස්ථානය තුළ දී හදිසියේ ගිනිඅවියක් ක්‍රියාත්මක වීමෙන් සිදුවු අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු තුවාල ලබා තිබේ.

(0)Comments | December 7, 2025  1:13 pm

නුවර සිට කොළඹට එන දුම්රිය මගීන්ට හෙට සිට විශේෂ බස් රථ

මහනුවර සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය මගීන්ට හෙට (08) අලුයම සිට විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කරන බව ජාතික ගමනා ගමන කොමිශන් සභාව පවසයි.

(0)Comments | December 7, 2025  12:55 pm

ආපදාවෙන් පසු මතුවිය හැකි වසංගත රෝග පිළිබඳව අවධානය යොමු කරන්නැයි ඉල්ලයි

පැවති ආපදා තත්ත්වයෙන් පසුව මතුවිය හැකි බෝවන රෝග පිළිබඳ අවධානය යොමු කළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

(0)Comments | December 7, 2025  12:23 pm

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

(0)Comments | December 7, 2025  12:13 pm

තැන තැන සිදුවන මාරක අනතුරු

‍එරාවුර් සහ මොරොන්තුඩුව ප්‍රදේශවල සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

(0)Comments | December 7, 2025  11:20 am

රන්ටැඹේ - මහියංගන සම්ප්‍රේෂණ පද්ධතිය යථා තත්ත්වයට

අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත්ව තිබූ රන්ටැඹේ සිට මහියංගනය දක්වා දිවෙන කිලෝවොට් 132ක විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය යථා තත්ත්වයට පත්කර තිබේ.

(0)Comments | December 7, 2025  10:57 am

දෙහිවල සත්තු වත්තේ පරවි හොරකමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32ක් සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු පරෙවියන් 15දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | December 7, 2025  10:56 am

නායයෑම් අවදානමක් හේතුවෙන් රුවන්වැල්ල සහ රොසැල්ල ප්‍රදේශවල සිටි පවුල් ඉවත් කෙරේ

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, රත්තාගල ප්‍රදේශයේ සහ හැටන්, රොසැල්ල මාණික්කාවත්ත ජනපදයේ නායයෑම් අවදානමක් හේතුවෙන් එහි සිටින පවුල් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

(0)Comments | December 7, 2025  10:28 am

නීතිවිරෝධීව විදෙස් දුම්වැටි තොගයක් රැගෙන ආ අයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළින් පිට කරගෙන යමින් සිටි ගුවන් මගියෙකු අද (07) අලුයම කටුනායක ගුවන්තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | December 7, 2025  9:13 am

අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේදී ඇතිවන පැමිණිලි කියන්න දුරකථන අංකයක්

රට පුරා අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේදී ඇතිවන පැමිණිලි සහ දුෂ්කරතා කඩිනමින් වාර්තා කිරීම සඳහා 1904 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ.

(0)Comments | December 7, 2025  8:37 am

වාර ප්‍රවේශ පත්‍ර භාවිත කරන ‍දුම්රිය මගීන්ට දැනුම්දීමක්

දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථවල ගමන් කිරීමට අවසර ලබාදී ඇත්තේ දුම්රිය ධාවනය සීමාවූ ප්‍රදේශවල සහ මේ වන විට දුම්රිය ධාවනය ඇණහිට ඇති ප්‍රදේශවල පමණක් බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

(0)Comments | December 7, 2025  7:45 am

මියන්මාරයෙන් ආධාර රැගත් ගුවන්යානයක් දිවයිනට

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් මියන්මාරයේ සිට ආධාර රැගත් එරට හමුදාවේ ගුවන් යානයක් කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ තිබේ.

(0)Comments | December 7, 2025  7:43 am

ප්‍රධාන ජලාශ රැසක් තවදුරටත් වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින ප්‍රධාන ජලාශ 30ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 39කට අධික ප්‍රමාණයක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරු ඉංජිනේරු එච්.පී.එස්.ඩී. හේරත් මහතා පවසයි.

(0)Comments | December 7, 2025  7:21 am

ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් - 23ක් මරුට

ඉන්දියාවේ ගෝවා ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබේ.

(0)Comments | December 7, 2025  6:37 am

ඊසානදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) අලුයම නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ දැක්වෙයි.

(0)Comments | December 7, 2025  6:03 am

අයහපත් කාලගුණයෙන් ඉන්දුනීසියාවේ මියගිය ගණන 900 ඉක්මවයි

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 916ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා ඒජන්සිය පැවසීය.

(0)Comments | December 6, 2025  10:02 pm

දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් අයෙකු මරුට

දෙහිවල A ක්වාටර්ස් ක්‍රීඩාංගනය ආසන්නයේදී සිදුකළ වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | December 6, 2025  9:14 pm

කල්පිටියෙන් මත්ද්‍රව්‍ය සොයා ගත් සිද්ධියට සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

කල්පිටිය ප්‍රදේශයෙන් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 78ක තොගයක් සොයා ගැනීමේ සිද්ධියට සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

(0)Comments | December 6, 2025  9:06 pm