ළමුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට යුරෝපා සංගමයෙන් යෝජනා

ළමුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට යුරෝපා සංගමයෙන් යෝජනා

July 13, 2026   05:54 pm

ළමුන් සඳහා සමාජ භාවිතය සීමා කිරීම සඳහා වන නීති සම්පාදන කටයුතුවලට අදාළ යෝජනා සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කරන බව යුරෝපා සංගමය පවසයි.

ඒ අනුව වයස අවුරුදු 13ට අඩු දරුවන් සමාජ මාධ්‍ය භාවිත කළ යුත්තේ දෙමාපියන්ගේ අධීක්ෂණය යටතේ සහ කාල සීමාවන් සහිත බව එම සංගමය අවධාරණය කර ඇත.

ඒ සඳහා විශේෂඥ උපදෙස් ද අනුගමනය කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.