header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අයිස් ජාවාරමෙන් කෝටි ගණනක් ඉපැයූ පුද්ගලයෙක් වලපනේ දී අත්අඩංගුවට
Jul 13, 202609:04 PM
අයිස් ජාවාරමෙන් කෝටි ගණනක් ඉපැයූ පුද්ගලයෙක් වලපනේ දී අත්අඩංගුවට
Mobitel 1278

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 24,900,000ට අධික මුදලක් මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කරමින් සංසරණය කිරීමේ සිද්ධියකට අදාළව, ක්ෂණික මුදල් හුවමාරු කිරීමේ ක්‍රම ජාලය මෙහෙයවූ 24 හැවිරිදි ප්‍රධාන සැකකරුවෙකු බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

වලපනේ ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු ඊයේ (12) දින අත්අඩංගුවට ගෙන ඇති අතර, අද (13) අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන ජූලි 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම මහා පරිමාණ මුදල් විශුද්ධිකරණ ජාලය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ 2025 දෙසැම්බර් 27 වන දින අයිස් මත්ද්‍රව්‍ය සමඟ බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලිනි.

එහිදී මත්ද්‍රව්‍ය මුදල් හුවමාරු කළ හංවැල්ල ප්‍රදේශයේ බැංකු ගිණුමක් සොයාගත් අතර, එම ගිණුම හරහා පමණක් රුපියල් 4,911,100ක මුදලක් සංසරණය වී ඇති බව පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණි.

එම බැංකු ගිණුම් විමර්ශනවලට අදාළව මීට පෙර අවස්ථාවලදී කහහේන, දොඩංගොඩ සහ කළුඅග්ගල යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දැනට ඇප මත මුදාහැර සිටියි.

ඇප මත සිටින සැකකරුවන්ගෙන් තවදුරටත් අනාවරණය කරගත් තොරතුරු මත, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 24,921,537ක (දෙකෝටි හතළිස් නව ලක්ෂ විසිඑක්දහස් පන්සිය තිස්හතක) දැවැන්ත මුදලක් එක්තරා දුරකථන සිම්පතක් වෙත ක්ෂණික මුදල් හුවමාරු කිරීමේ ක්‍රමයට බැර වී ඇති බව හෙළි වී ඇත.

එම දුරකථන අංකයේ ලියාපදිංචි හිමිකරු සොයා සිදුකළ මෙහෙයුමකදී වලපනේ ප්‍රදේශයේදී මෙම 24 හැවිරිදි සැකකරු කොටුකර ගැනීමට පොලීසිය සමත්ව ඇත.

පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ, දැනට විදේශගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ මෙම සැකකරු සෘජුවම සමීප සබඳතා පවත්වමින් ලංකාව තුළ මත්ද්‍රව්‍ය මුදල් විශුද්ධිකරණ ජාලය මෙහෙයවා ඇති බවය.

බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මෙම ජාලයට සම්බන්ධ සෙසු පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

MostRead
Mobitel 1278
VideoStories
අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana