header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
මෙරට HIV වෛරසය ගැන භයානක හෙළිදරව්වක්
Jul 13, 202602:36 PM
මෙරට HIV වෛරසය ගැන භයානක හෙළිදරව්වක්
Mobitel 1278

මෙරටින් HIV වෛරසය වැළඳුණු රෝගීන් වාර්තා වීම වසරින් වසර වැඩි අගයක් ගන්නා බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය පවසයි.

අද (13) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දෙනුයේ මේ අතරින් කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් රොගීන් වාර්තා වීම වැඩි අගයක් ගන්නා බවය.

පසුගිය 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ ගත් විට HIV වෛරසය වැළඳුණු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි ද පැවැසූ විශේෂඥ වෛද්‍යවරිය මේ අතරින් පිරිමි පාර්ශ්වය අතර රෝගය වැළඳීම ඉහළ අගයක් ගෙන ඇති බවද පැවසුවාය.

HIV වෛරසය වැළඳීම අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් පැවැත්වීම ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැකි බවත් පැවසූ වෛද්‍යවරිය මීට අමතරව අනාරක්ෂිත ලිංගික හැසිරීම් සහ මත්ද්‍රව්‍ය එන්නත් කිරීමේ ක්‍රම සඳහා එන්නත්කටු, සිරින්ජර් සහ වෙනත් උපකරණ හවුලේ භාවිතා කිරිම සහ බෙදාගැනීම ආදියද බලපාන බවද වෛද්‍යවරිය පැවසුවාය.

විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නේ HIV වෛරසය වැළඳීමෙන් පසු එය 100%ක් සුව කළ නොහැකි බවත් යම් අයෙකුට HIV වෛරසය වැළඳී ඇත්නම් ඔහු දීර්ඝ කාලීන සායනික ප්‍රතිකාර සහ අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම නිරන්තර ලබා ගත යුතු බවත්ය.

එමෙන්ම යම් අයෙකුට අඩු වයසකින් HIV වෛරසය වැළඳුණහොත් ඔහු හෝ ඇය ජීවිත කාලයටම ප්‍රතිකාර සහ ඖෂධ භාවිත කළ යුතු බවත් වෛද්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

HIV/STI සහ හෙපටයිටිස් ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග හඳුනාගැනීමට සහ ව්‍යාප්තිය අවම කිරීමට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ජංගම සායන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයිද වෛද්‍යවරිය මෙහිදී පැවසුවාය.

එහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන මඟින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන විශේෂ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වර්ෂයේ ජනවාරි මස ආරම්භ කර ඇති බවත් ජනගහණය සහ අවදානම් තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කර කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන බවත් පෙන්වා දුන්නාය.

එහිදී මහජනතාව අතරට ගොස් ඔවුන්ගේ කැමැත්ත සහ පෞද්ගලිකත්වය උපරිමයෙන් සුරැකෙන පරිදි නොමිලේ සේවා ලබාදීමට මෙහිදී කටයුතු යොදා ඇති බවද ඇය සඳහන් කළාය.

එහිදී පරීක්ෂණ වාර්තාවල රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම සුරකින අතර, යම් හෙයකින් රෝගී තත්ත්වයක් හෝ ආසාදනයක් හඳුනාගතහොත් ඔවුන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර නොමිලේ ලබාදීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන මඟින් සියලු කටයුතු යොදා ඇති බවද වෛද්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය,

"සමහර රටවල්වල HIV වැඩි වෙනවා සමහර රටවල්වල HIV අඩු වෙනවා. ශ්‍රී ලංකාවේ HIV වාර්තා වීම අඩු ප්‍රවනතාවයක් තිබුණාට වාර්තා වීම් තිබෙනවා. අපි රිපෝට් බැලුවාම හැම අවුරුද්දෙම එකතුවෙන රෝගීන් බැලුවාම සාමාන්‍යෙයන් වැඩියෙන් වැඩියෙන් එකතු වීගෙන එන්නේ. ඒ කියන්නේ 2023, 2024, 2025 ගත්තාම ටිකක් වැඩියෙන් එකතු වෙනවා. ඒ රිපෝට් බැලුවාම ඒ අතරින් බැලුවාම පිරිමි අය අතර ගැහැණු අය අතරට වඩා ටිකක් වැඩියෙන් පේනවා. ඒක බැලුවොත් අපි ගැහැණු පිරිමි සම්බන්ධයකින් බැලුවාම දෙකම සාමන වෙන්න ඕනේ. ඒ වුණාට මේක ගොඩක් වැඩි පිරිමි අය අතර මේක සමහර වෙලාවට අනාරක්ෂිත ලිංගික සම්බන්ධකමත් මීට හේතුවක් වෙන්න පුළුවන්. මේක අපි බැලුවාම ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ එකතු වෙන ගාණ වැඩියි. කොළඹ සහ ගම්පහ ගත්තාම වැඩි පිරිසක් ඉන්න ප්‍රදේශයක් ඒ නිසා අනිත් ප්‍රදේශ එක්ක ගත්තාම වැඩියෙන් වාර්තා වෙන්නේ ඒ ප්‍රදේශවලින්."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
උසාවියට ඇවිත් මුකුත් නොකියාම ගිය සලේගේ බිරිඳ

උසාවියට ඇවිත් මුකුත් නොකියාම ගිය සලේගේ බිරිඳ

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලුමට FCIDයේ OICට නොතිසී - නඩුව 12 කැඳවයි | Ada Derana

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලුමට FCIDයේ OICට නොතිසී - නඩුව 12 කැඳවයි | Ada Derana

ඥානසාර හිමියන්ට සිරකරු ඇඳුම දුන්නාට කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

ඥානසාර හිමියන්ට සිරකරු ඇඳුම දුන්නාට කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

ජාවාරම්කරුවන්ගේ 'ඩැඩා' මත්ද්‍රව්‍ය සමග කොටුවෙයි - මහින්ද කහඳගම ඩුබායි ගිහින් දාපු ජෝගි මෙන්න

ජාවාරම්කරුවන්ගේ 'ඩැඩා' මත්ද්‍රව්‍ය සමග කොටුවෙයි - මහින්ද කහඳගම ඩුබායි ගිහින් දාපු ජෝගි මෙන්න

සරණට සරණක් වෙන්න ගිහින් වැඩ වරද්දා ගත් බිරිඳ - තිදෙනාම යළි රිමාන්ඩ් | Ada Derana

සරණට සරණක් වෙන්න ගිහින් වැඩ වරද්දා ගත් බිරිඳ - තිදෙනාම යළි රිමාන්ඩ් | Ada Derana

නිදහස් චතුරස්‍රයේ පෙත්සම් එකතු කරන්න ගිය පිරිසක් ඉවත් කෙරේ

නිදහස් චතුරස්‍රයේ පෙත්සම් එකතු කරන්න ගිය පිරිසක් ඉවත් කෙරේ

කොළඹ පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි..

කොළඹ පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි..

 “IMF එකටත් චණ්ඩි පාට් දානවා...ආර්ථිකය මොනවා වෙයිද දන්නේ නෑ”“ඇත්ත කිව්වා නම් ප්‍රශ්නේ ඉවරයි”

“IMF එකටත් චණ්ඩි පාට් දානවා...ආර්ථිකය මොනවා වෙයිද දන්නේ නෑ”“ඇත්ත කිව්වා නම් ප්‍රශ්නේ ඉවරයි”

 ‘අනාගතයේ දරුවෝ’ සිඟිත්තන් වෙනුවෙන් මැදකුඹුර වතුයායේ පැවති වෛද්‍ය සායනය

‘අනාගතයේ දරුවෝ’ සිඟිත්තන් වෙනුවෙන් මැදකුඹුර වතුයායේ පැවති වෛද්‍ය සායනය

 ඥානසාර හිමිට ජනපති සමාව ලැබෙයි ද?“වැරදි කරපු අයට එහෙම සමාව දෙන්න බෑ...”

ඥානසාර හිමිට ජනපති සමාව ලැබෙයි ද?“වැරදි කරපු අයට එහෙම සමාව දෙන්න බෑ...”

'පොඩි පැටී' ඝාතනයට වැරදුණු පළිගැනීම - අපරාධයට පෙර පොලිසිය ඉස්සර වෙයි | Ada Derana

'පොඩි පැටී' ඝාතනයට වැරදුණු පළිගැනීම - අපරාධයට පෙර පොලිසිය ඉස්සර වෙයි | Ada Derana

උදෙන්ම ඇහුණ අහුන්ගල්ලේ වෙඩිල්ලේ තවත් කරුණු එළියට - නොකළ වරදකට වෙඩි පත්තු වුණාද? | Ada Derana

උදෙන්ම ඇහුණ අහුන්ගල්ලේ වෙඩිල්ලේ තවත් කරුණු එළියට - නොකළ වරදකට වෙඩි පත්තු වුණාද? | Ada Derana

ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් එක්වූ 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය | Ada Derana

ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් එක්වූ 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය | Ada Derana

'අරුණ' පුවත්පතේ 8වැනි සැමරුම අර්ථවත්කළ සමාජ සේවය - ''පොත් 11,793ක් ලැබිලා තියෙනවා''| Ada Derana

'අරුණ' පුවත්පතේ 8වැනි සැමරුම අර්ථවත්කළ සමාජ සේවය - ''පොත් 11,793ක් ලැබිලා තියෙනවා''| Ada Derana

IMF නියෝජිතවරිය ඉදිරියේ සජිත් එකහෙළා කියපු කථාව - ආණ්ඩුවටත් අභියෝගයක් | Ada Derana

IMF නියෝජිතවරිය ඉදිරියේ සජිත් එකහෙළා කියපු කථාව - ආණ්ඩුවටත් අභියෝගයක් | Ada Derana

Lassana Flora
Spotlight
තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි | Ada Derana

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි | Ada Derana

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි | Ada Derana

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි | Ada Derana

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක් | Ada Derana

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක් | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක් | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක් | Ada Derana

"සිංගප්පූරුවෙන් එද්දි අල්ලන්න එපා" - ශිරන්තිගෙන් උසාවියට ඇප අයදුමක් | Ada Derana

"සිංගප්පූරුවෙන් එද්දි අල්ලන්න එපා" - ශිරන්තිගෙන් උසාවියට ඇප අයදුමක් | Ada Derana

ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර අඩුවීමේ අවදානමක් | Ada Derana

ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර අඩුවීමේ අවදානමක් | Ada Derana

බොරැල්ල ළමා රෝහලේ ඖෂධ, උපකරණ හිඟයක් | Ada Derana

බොරැල්ල ළමා රෝහලේ ඖෂධ, උපකරණ හිඟයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරය | Ada Derana

දවසේ කාටූන් විස්තරය | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක්

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක්

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක්

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක්

ආණ්ඩුවේ NGO කෙටුම්පතට UN විරෝධයක්

ආණ්ඩුවේ NGO කෙටුම්පතට UN විරෝධයක්

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම්