header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
වාහන ආනයන බදු ප්‍රතිපත්ති සහ රේගු නිදහස් කිරීමේ ක්‍රියාවලියේ ගැටලු ගැන අවධානය
වාහන ආනයන බදු ප්‍රතිපත්ති සහ රේගු නිදහස්  කිරීමේ ක්‍රියාවලියේ ගැටලු ගැන අවධානය
Mobitel 1278

ශ්‍රී ලංකාවේ වාහන ආනයන ක්‍රියාවලිය, වාහන ආනයනය සඳහා අදාළ බදු ප්‍රතිපත්ති, විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ ආනයනික භාණ්ඩ රේගුවෙන් නිදහස් කර ගැනීමේදී පැනනගින ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර තිබේ.

ඒ එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මේ සඳහා ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් ද සහභාගී වී තිබේ.

මෙහිදී වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු රටට ආනයනය කර ඇති වාහන ප්‍රමාණය, ඒවායේ වටිනාකම් සහ ඒ සඳහා අදාළ වන බදු ක්‍රමවේද පිළිබඳව අවධානය යොමු ව ඇත.

වාහන ආනයනයේදී එන්ජින් ධාරිතාව, CIF අගය සහ නිෂ්පාදන බදු ඇතුළු විවිධ බදු සංරචක පදනම් කරගනිමින් බදු ගණනය කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ වීමත්, රේගු තක්සේරු කිරීම් සම්බන්ධයෙන් මතුවන ගැටලුත් සාකච්ඡාවට ලක් විය.

එමෙන්ම, ආනයනික භාණ්ඩ රේගුවෙන් නිදහස් කර ගැනීමේදී රේගුවට අමතරව රාජ්‍ය ආයතන රැසකින් අනුමැතිය ලබා ගැනීමට සිදු වීම හේතුවෙන් පවතින ප්‍රමාදයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ ඩිජිටල් ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් අනුමැතීන් ලබාගැනීමේදී ඇතිවන ප්‍රමාදයන් සහ සම්බන්ධීකරණ ගැටලු පිළිබඳව සාකච්ඡා විය.

මෙම ප්‍රමාදයන් හේතුවෙන් වරායන්හි බහාලුම් රඳවා තැබීමට සිදුවීමෙන් ආනයනකරුවන්ට අමතර ප්‍රමාද සහ ගබඩා ගාස්තු දැරීමට සිදුවන බව ද මෙහිදී නිලිධාරීන් විසින් පෙන්වා දෙන ලදී.

එබැවින් අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් ආනයනික භාණ්ඩ නිදහස් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.

එමෙන්ම විද්‍යුත් වාහන ආනයනය හා භාවිතය සම්බන්ධයෙන් පවතින නියාමන හා පාරිසරික ගැටලු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

විශේෂයෙන්ම විද්‍යුත් වාහනවල බැටරි භාවිතයෙන් ඉවත් වූ පසු ඒවා බැහැර කිරීම හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා රට තුළ පැහැදිලි ක්‍රමවේදයක් නොමැතිවීම පිළිබඳව සාකච්ඡා විය.

විද්‍යුත් වාහන ආනයනය කරන අවස්ථාවේදීම ඒවායේ බැටරිවල ආයු කාලය අවසන් වූ පසු බැහැර කිරීම හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීම සම්බන්ධයෙන් ආනයනකරුවන්ගෙන් හෝ නිෂ්පාදකයන්ගෙන් වගකීමක් තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව ද නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

එමෙන්ම විද්‍යුත් වාහන සහ ඒවායේ බැටරි සඳහා අවශ්‍ය ගුණාත්මක ප්‍රමිතීන් සහ රේගු බදු ගණනය කිරීමේදී භාවිත වන HS කේතයන් නිසි පරිදි හඳුන්වාදීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා පවතින බදු ප්‍රතිපත්ති සරල කිරීම සහ සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට එම වාහන ලබාගැනීමට හැකි වන පරිදි බදු ප්‍රතිපත්ති සකස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය විය.

විශේෂයෙන්ම විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේදී ජාතික විදුලිබල පද්ධතියට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා සූර්ය බලශක්තිය සහ විදුලි බල ගබඩා කිරීමේ බැටරි පද්ධති භාවිතය දිරිගැන්වීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක් විය.

ඒ අනුව, විද්‍යුත් වාහන ආනයනය සහ භාවිතය සඳහා අදාළ බදු සහන හා ප්‍රතිපත්තිමය දිරිගැන්වීම් හඳුන්වාදීම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව රේගු වර්ගීකරණය හා HS කේතයන් යාවත්කාලීන කිරීම මෙන්ම භාවිතයෙන් ඉවත් වන බැටරි පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.
 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 "මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

"මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

 කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

 "මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

"මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

 රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

කානුවල ගලා ගිය තෙල් මිනිස්සු එකතු කරපු හැටි - ''වතුරයි තෙලුයි වෙන්කරලා මෙයා තමයි ලස්සනටම ගන්නේ''

කානුවල ගලා ගිය තෙල් මිනිස්සු එකතු කරපු හැටි - ''වතුරයි තෙලුයි වෙන්කරලා මෙයා තමයි ලස්සනටම ගන්නේ''

රජයෙන් ලද සුබ පණිවුඩයෙන් රාජ්‍ය සේවා ඉංජිනේරුවෝ අඩියක් පස්සට ගනී"රජය විශ්වාස කර සති දෙකක් කල් දෙනවා"

රජයෙන් ලද සුබ පණිවුඩයෙන් රාජ්‍ය සේවා ඉංජිනේරුවෝ අඩියක් පස්සට ගනී"රජය විශ්වාස කර සති දෙකක් කල් දෙනවා"

භික්ෂුවගේ වටිනාකම මතක්කළ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමි | Ada Derana

භික්ෂුවගේ වටිනාකම මතක්කළ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමි | Ada Derana

පන්නිපිටිය අහස කළු කරමින් ලොකු ගින්නක් | Ada Derana

පන්නිපිටිය අහස කළු කරමින් ලොකු ගින්නක් | Ada Derana

සජිත් නැගිට්ට සැණින් පොයින්ට් එක අහපු කථානායක.."ඔබතුමාට ඕන විදියට පාර්ලිමේන්තුව කරන්න බෑ"

සජිත් නැගිට්ට සැණින් පොයින්ට් එක අහපු කථානායක.."ඔබතුමාට ඕන විදියට පාර්ලිමේන්තුව කරන්න බෑ"

එක පෙළට උසාවි ආ නාමල්, චාමර හා ජානකී - අධිකරණයෙන් අද ලැබුණ තීන්දු | Ada Derana

එක පෙළට උසාවි ආ නාමල්, චාමර හා ජානකී - අධිකරණයෙන් අද ලැබුණ තීන්දු | Ada Derana

හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස සිටි නිල නිවසේ අද සිට අලුත් වැඩක් | Ada Derana

හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස සිටි නිල නිවසේ අද සිට අලුත් වැඩක් | Ada Derana

වාර්තා පිට වාර්තා තබන 'GTA-6' වීඩියෝ ක්‍රීඩාව | Ada Derana

වාර්තා පිට වාර්තා තබන 'GTA-6' වීඩියෝ ක්‍රීඩාව | Ada Derana

රුසියාවේදී කොටුවූ 'රොටුඹ අමිල' කටුනායකට රැගෙන ආ අයුරු | Ada Derana

රුසියාවේදී කොටුවූ 'රොටුඹ අමිල' කටුනායකට රැගෙන ආ අයුරු | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

 පොලීසියට අලුතෙන් 20,000ක්

පොලීසියට අලුතෙන් 20,000ක්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

 නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

 සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි