header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ගුරු - විදුහල්පතිවරුන් වැඩ වර්ජනයකට සැරසෙයි
ගුරු - විදුහල්පතිවරුන් වැඩ වර්ජනයකට සැරසෙයි
Mobitel 1278

2027 අයවැය මගින් ගුරු - විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව නොසලකා හැරීමට විරෝධය පළ කරමින් ලබන 30 වනදා එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය පවසයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, 2027 අයවැය මගින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවකයින්ගේ ගැටලු නොසලකා හැර ඇති බවය.

මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති නමුත් මෙතෙක් පිළිගත හැකි විසඳුමක් ලැබී නොමැති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව, නොවැම්බර් 30 වැනිදා අසනීප නිවාඩු වාර්තා කරමින් එක්දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා දිවයින පුරා ගුරුවරුන් 250,000කට ආසන්න පිරිසක් සහ පාසල් 10,110ක ගුරු - විදුහල්පතිවරුන් එක්වනු ඇතැයි අපේක්ෂා කරන බවය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී තවදුරටත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද ඒ මහතා අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ ජෝසප් ස්ටාලින් මහතා,

''2027 අයවැයෙන් ගුරු සහ විදුහල්පතිවරු අධ්‍යාපන ක්ෂේත්‍රය නොසලකා හැරීම සම්බන්ධයෙන් අපේ දැඩි විරෝධයක් තියෙනවා. දැන් අපි අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධයෙන් කතා කළා. දැන් එළඹෙන පළවෙනිදා තමයි විශේෂයෙන්ම අධ්‍යාපන විවාදය තියෙන්නේ. ඉතින් මේ අධ්‍යාපන විවාදය තුළවත් මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුයි. එතකොට ගුරුවරු, විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරුවරු මේ සියලු දෙනා සම්බන්ධයෙන් ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙළක් නැහැ. මේ තත්ත්වය තුළ ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය හැටියට අපි තීරණය කරලා තියෙනවා එළඹෙන නොවැම්බර් 30 වැනිදා එක්දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගයකට යන්න. මේ සඳහා මේ රටේ 250,000කට ආසන්න ගුරුවරු ඒ වගේම පාසල් 10,110ක ගුරු විදුහල්පතිවරු සියලු දෙනා සම්බන්ධ වෙනවා කියන කාරණාව පැහැදිලිවම කියන්න ඕනේ. ඒක නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ වෙනකොට මුහුණ දීලා තියෙන ගැටලු වලට විසඳුම් ලබා නොදෙනවා නම් අපිට ක්‍රියාමාර්ග ගන්නවා හැර වෙන විකල්පයක් නැහැ.''

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

එක පෙළට උසාවි ආ නාමල්, චාමර හා ජානකී - අධිකරණයෙන් අද ලැබුණ තීන්දු | Ada Derana

එක පෙළට උසාවි ආ නාමල්, චාමර හා ජානකී - අධිකරණයෙන් අද ලැබුණ තීන්දු | Ada Derana

හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස සිටි නිල නිවසේ අද සිට අලුත් වැඩක් | Ada Derana

හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස සිටි නිල නිවසේ අද සිට අලුත් වැඩක් | Ada Derana

වාර්තා පිට වාර්තා තබන 'GTA-6' වීඩියෝ ක්‍රීඩාව | Ada Derana

වාර්තා පිට වාර්තා තබන 'GTA-6' වීඩියෝ ක්‍රීඩාව | Ada Derana

රුසියාවේදී කොටුවූ 'රොටුඹ අමිල' කටුනායකට රැගෙන ආ අයුරු | Ada Derana

රුසියාවේදී කොටුවූ 'රොටුඹ අමිල' කටුනායකට රැගෙන ආ අයුරු | Ada Derana

චීන තානාපති ඉදිරියේ පෙර නොකී කතාවක් එළියට දැමූ හිටපු ජනපති මෛත්‍රී - ''මටම එරෙහි පාරාවළල්ලක් වුණා''

චීන තානාපති ඉදිරියේ පෙර නොකී කතාවක් එළියට දැමූ හිටපු ජනපති මෛත්‍රී - ''මටම එරෙහි පාරාවළල්ලක් වුණා''

'Anthropic' ලොව වටිනාම සමාගම් අතරට සේවකයින්ගෙන් 96%ක් එක රැයෙන් කෝටිපතියන් | Ada Derana

'Anthropic' ලොව වටිනාම සමාගම් අතරට සේවකයින්ගෙන් 96%ක් එක රැයෙන් කෝටිපතියන් | Ada Derana

උදෙන්ම හැප්පුන රට හදන තැන -''මම නෙමෙයි බිමල් ඇමතිතුමා කිව්වේ,මට කනෙන් පෙන්වන්න පුළුවන්''| Ada Derana

උදෙන්ම හැප්පුන රට හදන තැන -''මම නෙමෙයි බිමල් ඇමතිතුමා කිව්වේ,මට කනෙන් පෙන්වන්න පුළුවන්''| Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩගන්න චීනයෙන් දෙන තල්ලුව - ''ආධාර වැඩසටහන් 140ක්, මිත්‍රත්වය සදාකාලිකව පවතියි''

ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩගන්න චීනයෙන් දෙන තල්ලුව - ''ආධාර වැඩසටහන් 140ක්, මිත්‍රත්වය සදාකාලිකව පවතියි''

මාතලේ පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු හදිසියේ මියයයි| Ada Derana

මාතලේ පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු හදිසියේ මියයයි| Ada Derana

එකම බස්රියේ උදෙන්ම උසාවි ආ නාමල් හා චාමර...| Ada Derana

එකම බස්රියේ උදෙන්ම උසාවි ආ නාමල් හා චාමර...| Ada Derana

මත් ජාවාරම්කරුවන් 4කට  මරණ දඬුවම දුන් මෛත්‍රීට දින 2කට පසු එල්ල වූ බලපෑම | Ada Derana

මත් ජාවාරම්කරුවන් 4කට මරණ දඬුවම දුන් මෛත්‍රීට දින 2කට පසු එල්ල වූ බලපෑම | Ada Derana

ඌරුබොක්කේ හැලප ගැන වෙනස් විදිහකට දැකපු හඳුන්නෙත්ති

ඌරුබොක්කේ හැලප ගැන වෙනස් විදිහකට දැකපු හඳුන්නෙත්ති

මුහුදට එකතුවෙන හානිකර ද්‍රව්‍යවලින් සමුද්‍රීය පරිසරය රැකගන්න පුහුණු අභ්‍යාසයක්

මුහුදට එකතුවෙන හානිකර ද්‍රව්‍යවලින් සමුද්‍රීය පරිසරය රැකගන්න පුහුණු අභ්‍යාසයක්

 දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක

දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක

 රතු පලස මතින් එක් තැනකට එක්වූ ලොව බලවතුන්...

රතු පලස මතින් එක් තැනකට එක්වූ ලොව බලවතුන්...

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

 පොලීසියට අලුතෙන් 20,000ක්

පොලීසියට අලුතෙන් 20,000ක්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

 නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

 සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි