header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මෙම මාසය අවසන් වනවිට උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි – මහ බැංකු අධිපති
මෙම මාසය අවසන් වනවිට උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි – මහ බැංකු අධිපති
Mobitel 1278

ලබන මාසය වනවිට මෙරට උද්ධමන අනුපාතය සියයට 9ක් හෝ ඊට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද (20) මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වූ අවස්ථාවේ දී යි.

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය අපේක්ෂා කළ කාලයට වඩා දිගුකාලයක් පැවතීම සහ ඒ හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතීම මෙලෙස උද්ධමනය ඉහළ යාමට බලපා ඇති බව ඔහු පෙන්වා දෙයි.

මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ පසුගිය මාසය අවසානයේදී මෙරට උද්ධමනය සියයට 8.3ක් ලෙස වාර්තා වූ බවයි.

2026 මැයි මාසයේදී පොලී අනුපාත ඉහළ නැංවීමට තීරණය කළ අවස්ථාවේදී උද්ධමනය සියයට 7ත් 8ත් අතර මට්ටමකට ඉහළ ගොස් අනතුරුව පහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබූ බව ද ඔහු පැවසීය.

කෙසේ වෙතත්, මැදපෙරදිග යුදමය තත්ත්වය අපේක්ෂා කළ කාලයට වඩා දිගුකාලයක් පැවතීම හේතුවෙන් එම පුරෝකථන වෙනස් වී ඇති බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

උද්ධමනය ඉලක්කගත සියයට 5 මට්ටමට හැකි ඉක්මනින් ළඟා කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ඔහු, ඉහළ උද්ධමනය හේතුවෙන් රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වයට සහ මිලදී ගැනීමේ හැකියාවට ද දැඩි බලපෑම් එල්ල වන බව පෙන්වා දුන්නේය.

"අපි 2026 මැයි මාසයේ පොලී අනුපාතය වැඩි කරන අවස්ථාවේදී ඒ වෙලාවේ තිබුණු පුරෝකථනය තමයි උද්ධමනය සියයට 7ක් වගේ මට්ටමකට නැවත අඩුවෙයි කියන බලාපොරොත්තුව. නමුත් දැන් දකින පුරෝකථනය අනුව, බලාපොරොත්තු වූ ආකාරයට විශේෂයෙන් ජාත්‍යන්තර තත්ත්වය ඊට වඩා දීර්ඝ කාලයක් පැවතුණා. ඒ අවස්ථාවේ මේ යුද තත්ත්වය කෙටි කාලීනව පවතී, ඊට පසුව මේ තෙල් මිල යම්කිසි ආකාරයකට ස්ථාවර වෙයි කියලා බලාපොරොත්තු වුණා. නමුත් ඒක මේ මෑතක් වෙනකන්ම ඉහළ මට්ටමක පැවතුණා. ඒක නිසා උද්ධමනයත් අපි බලාපොරොත්තු වුණාට වඩා ඉහළ මට්ටමකට ගියා. ගිය මාසයේ උද්ධමනය සියයට 8.3ක් වුණා. අපිට පේනවා ලබන මාසය විතර වනවිට සියයට 9ක් හෝ ඊට ඉහළ හෝ ඊට ආසන්න මට්ටමක මේ උද්ධමනය පවතින බවට අපේ පුරෝකථනයේ පෙන්නුම් කරනවා."

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

එක පෙළට උසාවි ආ නාමල්, චාමර හා ජානකී - අධිකරණයෙන් අද ලැබුණ තීන්දු | Ada Derana

එක පෙළට උසාවි ආ නාමල්, චාමර හා ජානකී - අධිකරණයෙන් අද ලැබුණ තීන්දු | Ada Derana

හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස සිටි නිල නිවසේ අද සිට අලුත් වැඩක් | Ada Derana

හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස සිටි නිල නිවසේ අද සිට අලුත් වැඩක් | Ada Derana

වාර්තා පිට වාර්තා තබන 'GTA-6' වීඩියෝ ක්‍රීඩාව | Ada Derana

වාර්තා පිට වාර්තා තබන 'GTA-6' වීඩියෝ ක්‍රීඩාව | Ada Derana

රුසියාවේදී කොටුවූ 'රොටුඹ අමිල' කටුනායකට රැගෙන ආ අයුරු | Ada Derana

රුසියාවේදී කොටුවූ 'රොටුඹ අමිල' කටුනායකට රැගෙන ආ අයුරු | Ada Derana

චීන තානාපති ඉදිරියේ පෙර නොකී කතාවක් එළියට දැමූ හිටපු ජනපති මෛත්‍රී - ''මටම එරෙහි පාරාවළල්ලක් වුණා''

චීන තානාපති ඉදිරියේ පෙර නොකී කතාවක් එළියට දැමූ හිටපු ජනපති මෛත්‍රී - ''මටම එරෙහි පාරාවළල්ලක් වුණා''

'Anthropic' ලොව වටිනාම සමාගම් අතරට සේවකයින්ගෙන් 96%ක් එක රැයෙන් කෝටිපතියන් | Ada Derana

'Anthropic' ලොව වටිනාම සමාගම් අතරට සේවකයින්ගෙන් 96%ක් එක රැයෙන් කෝටිපතියන් | Ada Derana

උදෙන්ම හැප්පුන රට හදන තැන -''මම නෙමෙයි බිමල් ඇමතිතුමා කිව්වේ,මට කනෙන් පෙන්වන්න පුළුවන්''| Ada Derana

උදෙන්ම හැප්පුන රට හදන තැන -''මම නෙමෙයි බිමල් ඇමතිතුමා කිව්වේ,මට කනෙන් පෙන්වන්න පුළුවන්''| Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩගන්න චීනයෙන් දෙන තල්ලුව - ''ආධාර වැඩසටහන් 140ක්, මිත්‍රත්වය සදාකාලිකව පවතියි''

ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩගන්න චීනයෙන් දෙන තල්ලුව - ''ආධාර වැඩසටහන් 140ක්, මිත්‍රත්වය සදාකාලිකව පවතියි''

මාතලේ පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු හදිසියේ මියයයි| Ada Derana

මාතලේ පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු හදිසියේ මියයයි| Ada Derana

එකම බස්රියේ උදෙන්ම උසාවි ආ නාමල් හා චාමර...| Ada Derana

එකම බස්රියේ උදෙන්ම උසාවි ආ නාමල් හා චාමර...| Ada Derana

මත් ජාවාරම්කරුවන් 4කට  මරණ දඬුවම දුන් මෛත්‍රීට දින 2කට පසු එල්ල වූ බලපෑම | Ada Derana

මත් ජාවාරම්කරුවන් 4කට මරණ දඬුවම දුන් මෛත්‍රීට දින 2කට පසු එල්ල වූ බලපෑම | Ada Derana

ඌරුබොක්කේ හැලප ගැන වෙනස් විදිහකට දැකපු හඳුන්නෙත්ති

ඌරුබොක්කේ හැලප ගැන වෙනස් විදිහකට දැකපු හඳුන්නෙත්ති

මුහුදට එකතුවෙන හානිකර ද්‍රව්‍යවලින් සමුද්‍රීය පරිසරය රැකගන්න පුහුණු අභ්‍යාසයක්

මුහුදට එකතුවෙන හානිකර ද්‍රව්‍යවලින් සමුද්‍රීය පරිසරය රැකගන්න පුහුණු අභ්‍යාසයක්

 දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක

දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක

 රතු පලස මතින් එක් තැනකට එක්වූ ලොව බලවතුන්...

රතු පලස මතින් එක් තැනකට එක්වූ ලොව බලවතුන්...

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

 පොලීසියට අලුතෙන් 20,000ක්

පොලීසියට අලුතෙන් 20,000ක්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

 නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

 සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි