
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන එළැඹෙන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ දිල්හි කැපිටල්ස් ක්‍රිකට් අධ්යක්ෂවරයා ලෙස පත්කර තිබේ.
අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඔහු, එම ධුරයෙන් ඉවත්වීමෙන් පසුව මෙම වගකීම භාරගෙන ඇත.
නව වගකීමත් සමඟින් මහේල, දිල්ලි කාන්තා කණ්ඩායමේ ක්‍රීඩක හා පුහුණුකාර මණ්ඩල සංවර්ධනය, දක්ෂතා හඳුනා ගැනීම සහ කණ්ඩායම් උපායමාර්ග සැලසුම් ඇතුළු සියලුම අංශ අධීක්ෂණ කිරීමට නියමිතය.
දිල්ලි කණ්ඩායම මහේලට ආගන්තුක නොවන අතර, ඔහු IPL තරගාවලියේදී 2012 සහ 2013 වසරවල දිල්ලි කණ්ඩායම නියෝජනය කර ඇත.
තමන් ලැබූ නව පත්වීම පිළිබඳව අදහස් දක්වමින් මහේල සඳහන් කළේ, දිල්ලි කණ්ඩායම සතුව ශක්තිමත් අනන්‍යතාවක් සහ පැහැදිලි අනාගත දැක්මක් පවතින බවය.
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනස් කිරීමේ විශාල හැකියාවක් WPL තරගාවලිය සතු බවත්, දක්ෂ ක්‍රීඩිකාවන් සහ අත්දැකීම් බහුල සහායක කාර්ය මණ්ඩලයක් සමග එක්ව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉදිරි සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ, කණ්ඩායමේ පවතින ශක්තීන් තවදුරටත් වර්ධනය කරමින්, ස්ථාවර දක්ෂතා අතරට පැමිණීම සහ ශූරතාව දිනාගැනීම වෙනුවෙන් කණ්ඩායම මෙහෙයවීම සිය ප්‍රධාන අරමුණ බවය.

















































