header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කළ රන් වියන නිරාවරණය කෙරේ
ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කළ රන් වියන නිරාවරණය කෙරේ
Mobitel 1278

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති විශේෂ කුටියට ඉහළින් ඉදිකර ඇති රන් වියන, ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අද (20දා) පෙරවරුවේ සුබ මොහොතින් නිරාවරණය කළේය.

මෙම සුවිශේෂී කුටියට සෙවන දෙමින් ඊට ඉහළින් ඉදිකර තිබෙන මෙම රන් වියනෙහි ප්‍රතිසංස්කරණ කටයුතු විශ්ව පාරමි පදනමේ  මූලිකත්වයෙන් 2025 වසරේදී ආරම්භ කර තිබුණි.

ශ්‍රී දළදා මාලිගයේ අභ්‍යන්තරය සහ ඉදිරිපස ප්‍රදේශය අලංකාර කිරීමත්, දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙනුත් 1987 වසරේදී එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා මෙම රන් වියන සාදවා පූජා කරන ලදී.

මෙය නිර්මාණය කිරීම මෙන්ම එහි මූලික සැලසුම් සකස් කිරීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් සිදු කළහ. ඒ සඳහා දේශීය මෙන්ම විදේශීය ඉංජිනේරු කණ්ඩායම්වල සහාය ලැබී තිබුණි.

ශ්‍රී දළදා මාලිගාවේ අනන්‍යතාවක් වූ මෙම රන් වියන, දෙස් විදෙස් බැතිමතුන්ගේ සහ සංචාරකයන්ගේ විශේෂ අවධානයට ලක්වන අතිශය අලංකාර හා වාස්තු විද්‍යාත්මක වැදගත් නිර්මාණයක් ලෙස සැලකේ.

රන් වියනෙහි තිබූ රන්පත් පියළි අවර්ණ වී ක්ෂය වී තිබූ අතර, ඒ හේතුවෙන් රන් වියනේ පෙර තිබූ දිස්නය හා අලංකාරය ක්‍රමයෙන් අඩු වෙමින් පැවතුණි. මෙය මීට පෙර 2002 සහ 2018 වර්ෂවලදීද  ප්‍රතිසංස්කරණය කර තිබුණි.

මෙවර අතිනවීන ඉංජිනේරු තාක්ෂණයෙන් හා රන් ක්ෂේත්‍රය පිළිබඳ විද්වත් වෘත්තිකයන්ගේ සහයෝගයෙන් මල්වතු හා අස්ගිරි උභය මහා විහාරයන්හි මහානායක හිමිවරුන්ගේ  අනුශාසනා පරිදි ප්‍රතිසංස්කරණය කර ඇත. 

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ මූලිකත්වයෙන් තායිලන්තයේ වට් මාර්ප් ජෑන් ආරාමයේ දායකත්වයෙන්, කැරට් 24 රන් පියළි අතුරා මෙවර රන් වියන ප්‍රතිසංස්කරණය කර තිබීම සුවිශේෂීය. 

නිරාවරණය කිරීමේ අවස්ථාවට අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය මහවෙල රතනපාල ප්‍රමුඛ මල්වතු අස්ගිරි මහා සංඝරත්නය, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඇතුළු ආරාධිතයෝ රැසක් එක්ව සිටියහ.

තවත් ඡායාරූප
more-image-0
more-image-1
more-image-2
more-image-3
more-image-4
more-image-5
more-image-6

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

රුසියාවේදී ඇල්ලූ රොටුඹ අමිල දිවයිනට රැගෙන එයි | Ada Derana

රුසියාවේදී ඇල්ලූ රොටුඹ අමිල දිවයිනට රැගෙන එයි | Ada Derana

මාතලේ පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු හදිසියේ මියයයි| Ada Derana

මාතලේ පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු හදිසියේ මියයයි| Ada Derana

එකම බස්රියේ උදෙන්ම උසාවි ආ නාමල් හා චාමර...| Ada Derana

එකම බස්රියේ උදෙන්ම උසාවි ආ නාමල් හා චාමර...| Ada Derana

මත් ජාවාරම්කරුවන් 4කට  මරණ දඬුවම දුන් මෛත්‍රීට දින 2කට පසු එල්ල වූ බලපෑම | Ada Derana

මත් ජාවාරම්කරුවන් 4කට මරණ දඬුවම දුන් මෛත්‍රීට දින 2කට පසු එල්ල වූ බලපෑම | Ada Derana

ඌරුබොක්කේ හැලප ගැන වෙනස් විදිහකට දැකපු හඳුන්නෙත්ති

ඌරුබොක්කේ හැලප ගැන වෙනස් විදිහකට දැකපු හඳුන්නෙත්ති

මුහුදට එකතුවෙන හානිකර ද්‍රව්‍යවලින් සමුද්‍රීය පරිසරය රැකගන්න පුහුණු අභ්‍යාසයක්

මුහුදට එකතුවෙන හානිකර ද්‍රව්‍යවලින් සමුද්‍රීය පරිසරය රැකගන්න පුහුණු අභ්‍යාසයක්

 දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක

දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක

 රතු පලස මතින් එක් තැනකට එක්වූ ලොව බලවතුන්...

රතු පලස මතින් එක් තැනකට එක්වූ ලොව බලවතුන්...

 අභ්‍යවකාශයේ කි.මී බිලියන 25.9ක් ගිය 'Voyager 1'... ආලෝක දිනයක් පසු කළ ඓතිහාසික සැමරුම

අභ්‍යවකාශයේ කි.මී බිලියන 25.9ක් ගිය 'Voyager 1'... ආලෝක දිනයක් පසු කළ ඓතිහාසික සැමරුම

 අදත් අයවැයට කුණු බැනුම්... විරෝධතා රැසක් දිවයින පුරා...

අදත් අයවැයට කුණු බැනුම්... විරෝධතා රැසක් දිවයින පුරා...

 අනුරපුරේ සත්‍යග්‍රහ භූමියේදී පහර කෑ කාන්තාව පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලයි...

අනුරපුරේ සත්‍යග්‍රහ භූමියේදී පහර කෑ කාන්තාව පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලයි...

 fm දෙරණ සංවිධානය කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ තෙමස් පූර්ණ පිංකම..

fm දෙරණ සංවිධානය කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ තෙමස් පූර්ණ පිංකම..

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

 බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

 නාමල් අදත් කොටුවට...

නාමල් අදත් කොටුවට...

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

 පොලීසියට අලුතෙන් 20,000ක්

පොලීසියට අලුතෙන් 20,000ක්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

 නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

 සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි