
ඉන්දියන් සාගරයේ Banda Aceh ආසන්නයේ රික්ටර් මාපක 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගෙන තිබේ.
මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ඒ අනුව මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බව එම මධ්‍යස්ථානය තහවුරු කර ඇත.
තවද මෙම නිවේදනය ජාතික සහ අන්තර් ජාතික ආයතන සමඟ එකඟත්වයෙන් නිකුත් කරන ලද බවද ජාතික පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
අද (21) පස්වරු 03:12ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති අතර එය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 156ක ගැඹුරින් වාර්තා වී තිබේ.



















































