
ආයෝජකයන් 2,000කට ආසන්න පිරිසකට ලාභාංශ ලබාදෙන බවට පොරොන්දු වී මුදල් රැස්කර, එම මුදල් වංචා කිරීමේ චෝදනාව මත පෞද්ගලික සමාගම් දෙකක අධ්‍යක්ෂකවරු දෙදෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාළ සමාගම් දෙකේ අධ්යක්ෂවරු තිදෙනෙකු අතරින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මහනුවර සහ කොහුවල ප්‍රදේශවල පිහිටි එම සමාගම් මඟින් සිදුකර ඇති සමස්ත මූල්‍ය වංචාවේ වටිනාකම රුපියල් බිලියන 4කට ආසන්න බව අනාවරණය වී තිබේ.
එමෙන්ම එම සමාගම් දෙක සම්බන්ධයෙන් මේ වනවිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිලි 80ක් ලැබී ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (21) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

















































