header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සියලුම රාජ්‍ය සේවකයන්ගේ තුන්වන වැටුප් වැඩිවීම ජනවාරි මාසයේදී දෙනවා - අගමැතිනිය
සියලුම රාජ්‍ය සේවකයන්ගේ තුන්වන වැටුප් වැඩිවීම ජනවාරි මාසයේදී දෙනවා - අගමැතිනිය
Mobitel 1278

සියලුම රාජ්‍ය සේවකයන්ගේ සහ ගුරුවරුන්ගේ තුන්වන වැටුප් වැඩිවීම ලබන වසරේ ජනවාරි මාසයේදී ලබා දෙන බවත්, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී විපක්ෂය පෞද්ගලික මට්ටමින් අසත්‍ය කරුණු සමාජගත කිරීම ගැන කණගාටු වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

විශේෂ වියදම් ඒකක සඳහා වන 2027 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අද (21) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

රාජ්‍ය සේවක වැටුප්, ජනාධිපති අරමුදලේ ප්‍රගතිය, අධ්‍යාපන සුබසාධනය සහ ස්වාධීන කොමිෂන් සභා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව අග්‍රාමාත්‍යවරිය මෙහිදී කරුණු පැහැදිලි කළාය.

මූලික වැටුප අදියර තුනකින් ඉහළ දැමීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ 2025 සහ 2026 වසරවලදී පළමු සහ දෙවන අදියර ක්‍රියාත්මක කළ බවත්, සියලුම රාජ්‍ය සේවකයන්ගේ සහ ගුරුවරුන්ගේ තුන්වන වැටුප් වැඩිවීම 2027 ජනවාරි මාසයේදී ලබා දෙන බවත් එහිදී ඇය පැවසුවාය.

එමෙන්ම අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ පවතින වැටුප් හා විශ්‍රාම වැටුප් විෂමතා නිරාකරණය කිරීමට පත් කළ විශේෂ කොමිසමේ වාර්තාව 2027 ජූලි මාසයේදී ලැබීමට නියමිත බවත්, එහි නිර්දේශ මත එම විෂමතා නිවැරදි කිරීමට පියවර ගන්නා බවත් ය.

ජනාධිපති අරමුදලේ සේවාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ විමධ්‍යගත කිරීම හේතුවෙන්, 2025 වසරේදී 1,664ක්ව පැවති ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2026 වන විට 27,948 දක්වා ඉහළ ගොස් තිබෙන අතර විනිවිදභාවයෙන් යුත් පාලනය නිසා පසුගිය වසර දෙක තුළ මූල්‍ය ශක්තිය සියයට 150කින් වර්ධනය වී ඇති බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

මීට අමතරව විශ්වවිද්‍යාල සිසුන්ට ඇස් කණ්ණාඩි 2,000කට ආසන්න ප්‍රමාණයක් බෙදා දී ඇති අතර, රජයේ රෝහල්වල ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් පෝලිම් අඩු කිරීම වෙනුවෙන් හම්බන්තොට මහ රෝහලේ 570 දෙනකුට සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ 600 දෙනකුට පහසුකම් සලසා දී ඇති බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය.

අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍ය දීමනාව සියයට 100කින් ඉහළ නංවා ඇති අතර පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණ යෝජනාක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යමින් එහි ප්‍රතිලාභ සහ ආවරණය වන රෝගී තත්ත්වයන් පුළුල් කර ඇති බවය.

අග්‍රාමාත්‍ය කාර්යාලය තුළ අධ්‍යාපනය පිළිබඳ ඩිජිටල් කාර්යසාධක බලකායක් පිහිටුවා සක්‍රීයව ක්‍රියාත්මක කෙරෙන අතර, මහජන පැමිණිලි සඳහා විධිමත් පසු විපරම් (Follow-up) ක්‍රියාවලියක් ක්‍රියාත්මක බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

පාසල් ප්‍රජාව සහ අනෙකුත් අමාත්‍යාංශ එක් කරගනිමින් 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන ක්‍රියාත්මක වන බව පැවසූ  අග්‍රාමාත්‍යවරිය, ජනාධිපති කාර්යාලයේ නාස්තිය හා දූෂණය අවම කරමින් සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම, සංචාරක සංවර්ධනය සහ ආගමික නායකයන් සමඟ සංවාද ඔස්සේ සාමය හා සංහිඳියාව තහවුරු කිරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළාය.

17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටවූ ස්වාධීන කොමිෂන් සභාවලට සුදුසු සාමාජිකයන් පත් කර ඇති බවත්, ජාතික පොලිස් කොමිෂන් සභාවේ පැමිණිලි විමර්ශන ප්‍රතිශතය වසරින් වසර ඉහළ ගොස් ඇති බවත්, මානව හිමිකම් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභා ප්‍රතිපත්ති සම්පාදනයට හා ගැටලු විසඳීමට සක්‍රීයව දායක වන බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

විපක්ෂයේ සාධනීය හා ගෞරවාන්විත විවේචන රජය සැමවිටම පිළිගන්නා නමුත්, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී පෞද්ගලික මට්ටමින් අසත්‍ය කරුණු සමාජගත කිරීම කණගාටුදායක බව ද   අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

එහිදී  අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ රට පරිවර්තනීය ගමනක යන මෙවැනි මොහොතක විපක්ෂය ශිෂ්ට සම්පන්නව හා වගකීම්සහගතව කටයුතු කරනු ඇතැයි රජය අපේක්ෂා කරන බවය.
 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 "මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

"මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

 කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

 "මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

"මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

 රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

කානුවල ගලා ගිය තෙල් මිනිස්සු එකතු කරපු හැටි - ''වතුරයි තෙලුයි වෙන්කරලා මෙයා තමයි ලස්සනටම ගන්නේ''

කානුවල ගලා ගිය තෙල් මිනිස්සු එකතු කරපු හැටි - ''වතුරයි තෙලුයි වෙන්කරලා මෙයා තමයි ලස්සනටම ගන්නේ''

රජයෙන් ලද සුබ පණිවුඩයෙන් රාජ්‍ය සේවා ඉංජිනේරුවෝ අඩියක් පස්සට ගනී"රජය විශ්වාස කර සති දෙකක් කල් දෙනවා"

රජයෙන් ලද සුබ පණිවුඩයෙන් රාජ්‍ය සේවා ඉංජිනේරුවෝ අඩියක් පස්සට ගනී"රජය විශ්වාස කර සති දෙකක් කල් දෙනවා"

භික්ෂුවගේ වටිනාකම මතක්කළ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමි | Ada Derana

භික්ෂුවගේ වටිනාකම මතක්කළ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමි | Ada Derana

පන්නිපිටිය අහස කළු කරමින් ලොකු ගින්නක් | Ada Derana

පන්නිපිටිය අහස කළු කරමින් ලොකු ගින්නක් | Ada Derana

සජිත් නැගිට්ට සැණින් පොයින්ට් එක අහපු කථානායක.."ඔබතුමාට ඕන විදියට පාර්ලිමේන්තුව කරන්න බෑ"

සජිත් නැගිට්ට සැණින් පොයින්ට් එක අහපු කථානායක.."ඔබතුමාට ඕන විදියට පාර්ලිමේන්තුව කරන්න බෑ"

එක පෙළට උසාවි ආ නාමල්, චාමර හා ජානකී - අධිකරණයෙන් අද ලැබුණ තීන්දු | Ada Derana

එක පෙළට උසාවි ආ නාමල්, චාමර හා ජානකී - අධිකරණයෙන් අද ලැබුණ තීන්දු | Ada Derana

හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස සිටි නිල නිවසේ අද සිට අලුත් වැඩක් | Ada Derana

හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස සිටි නිල නිවසේ අද සිට අලුත් වැඩක් | Ada Derana

වාර්තා පිට වාර්තා තබන 'GTA-6' වීඩියෝ ක්‍රීඩාව | Ada Derana

වාර්තා පිට වාර්තා තබන 'GTA-6' වීඩියෝ ක්‍රීඩාව | Ada Derana

රුසියාවේදී කොටුවූ 'රොටුඹ අමිල' කටුනායකට රැගෙන ආ අයුරු | Ada Derana

රුසියාවේදී කොටුවූ 'රොටුඹ අමිල' කටුනායකට රැගෙන ආ අයුරු | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

 පොලීසියට අලුතෙන් 20,000ක්

පොලීසියට අලුතෙන් 20,000ක්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

 නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

 සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි