header logo
Vallibel FD
Valible Le

උණුසුම් පුවත්

බිම්ස්ටෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රථම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හමුව කොළඹදී

බිම්ස්ටෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රථම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හමුව කොළඹදී

කලාපීය සෞඛ්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ නව ප්‍රවේශයකට මුල පුරමින්, බිම්ස්ටෙක් (BIMSTEC) සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රථම සමුළුවට සමගාමීව සංවිධානය කර ඇති ප්‍රථම සෞඛ්‍ය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හමුව (First BIMSTEC Senior Officials’ Meeting on Health) අද (10) පෙරවරුවේ කොළඹ දී ආරම්භ විය.

සරසවි උයන සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක් ඉදිකිරීමට අනුමැතිය

සරසවි උයන සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක් ඉදිකිරීමට අනුමැතිය

මහනුවර නගර ප්‍රදේශය ආවරණය වන පරිදි පුළුල් තදාසන්න දුම්රිය ජාලයක් සංවර්ධනය කිරීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා වන ශක්‍යතා අධ්‍යයනයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

බාල ගල්අඟුරු සිද්ධිය ගැන ගොනුකළ පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයට කළ දැනුම්දීම

බාල ගල්අඟුරු සිද්ධිය ගැන ගොනුකළ පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයට කළ දැනුම්දීම

මෑතකදී බාල ගල්අඟුරු ආනයනයෙන් සිදුවූ පාඩුව විදුලි පාරිභෝගිකයින් මත පැටවීමක් නොකරන බවට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් ඊට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අද (10) අභියාචනාධිකරණයට දැනුම් දුනි.

පිල්ලෙයාන් ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ්
NEWS ALERT

පිල්ලෙයාන් ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ්

මඩකලපුව ප්‍රදේශයේ පසුගිය 2008 වසරේ T-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා පුද්ගලයින් පස් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු තිදෙනා ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සරණට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට දින දෙයි

සරණට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට දින දෙයි

මේ වන විට සිර දඬුවම් නියමවී සිටින හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාව දූෂණ චෝදනා ඇතුළත් නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය විසින් ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ අභියාචනය විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ.

ගම්පහ ඔස්මන් සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් අධිකරණයට දැනුම්දීමක්

ගම්පහ ඔස්මන් සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් අධිකරණයට දැනුම්දීමක්

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් "ගම්පහ ඔස්මන්" සම්බන්ධයෙන් තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කරන්නේද යන්න පිළිබඳව විමර්ශන අවසානයේදී තීරණයක් ගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.