
A9 මැදවච්චිය - අනුරාධපුර මාර්ගයේ රඹෑව ප්රදේශයේදී ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී සිදූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
ඉන් තවත් 50කට ආසන්න ප්රමාණයක් තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වෙයි. (Update - 10.47)
===============
ඒ 9 මාර්ගයේ අනුරාධපුර රඹෑව ප්රදේශයේ බස්රථ තුනක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ 2ක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කළේය.
අනතුරින් තුවාල ලැබූවන් මේ වන විට ප්රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත රැගෙන එමින් පවතින බවයි රෝහල් ආරංචිමාර්ග පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. (Update - 10.26)
වැඩි විස්තර බලාපොරොත්තු වන්න...
















































