
බද්දේගම, වවුලගල ප්රදේශයේදී පුද්ගලයෙකුට සහ කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.
2026 සැප්තැම්බර් 27 වැනිදා සිදුවූ මෙම ත්රිත්ව ඝාතනයේදී මොටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ත්රීරෝද රථයක ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයෙකුට සහ කාන්තාවන් දෙදෙනෙකුට ටී-56 ගිනි අවියකින් වෙඩි තබා තිබුණි.
අදාළ අපරාධය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය සහ ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශන සිදුකරන අතර, ඝාතනයට සහ ඊට ආධාර අනුබල දීමට සම්බන්ධ බවට සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගෙන ඇත.
ඔවුන් මේ වනවිට ප්රදේශයෙන් පලාගොස් සිටින බැවින් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බව පොලීසිය පවසයි.
පොලිසිය විසින් හඳුනාගෙන ඇති සැකකරුවන් දෙදෙනා වන්නේ 50 හැවිරිදි ලද්දු කෝලිත යසරත්න ද සොයිසා සහ 35 හැවිරිදි වතුදුර බුද්ධි මදුසංක ගුණසිරි යන පුද්ගලයින්ය.
සැකකරුවන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් බද්දේගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ 071-8591480 දුරකථන අංකයට හෝ බද්දේගම පොලිස් ස්ථානයේ 0912292222 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
















































