
දෙණියාය, බෙවරලිය ප්රදේශයේ කැලේදොළේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ තරුණයන් සිව්දෙනාගෙම සිරුරු සොයාගෙන තිබේ.
කොල්ලුපිටියේ පෞද්ගලික පරිගණක ආයතනයක රැකියාවේ නියුතු තරුණයන් 7 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඊයේ (07) දින දෙණියාය, බෙවරලිය ප්රදේශයට විනෝද චාරිකාවක් සඳහා පැමිණ තිබුණි.
එහිදී එම පිරිසෙන් 6 දෙනෙකු කැලේදොළ ප්රදේශයේ දිය නෑමට ගොස් ඇති අතර, එහිදී සිව්දෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබුණි.
ඒ අනුව නාවික හමුදාව, පොලීසිය සහ ප්රදේශවාසීන් එක්ව දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ අතර ඒ අනුව අද (08) පෙරවරුවේ මළ සිරුරු දෙකක් සොයාගත් අතර, ඉන්පසුව පස්වරුවේ තවත් අයෙකුගේ සිරුරක් සොයාගෙන තිබුණි.
සිදුකළ අඛණ්ඩ මෙහෙයුම් හමුවේ අතුරුදන්ව සිටි අනෙක් තරුණයාගේ ද සිරුර සොයාගත් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


















































