
දියේගිලී අතුරුදන් දෙදෙනෙකුගේ සිරුරු හමුවේ දෙණියාය ප්රදේශයේ දොළ පහරක දිය නෑමට ගොස් අතුරුදන් වු තරුණයන් සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ.
ඊයේ(07) සිදුවූ මෙම අනතුරින් අතුරුදන් සෙසු දෙදෙනා සොයා නාවික හමුදාව සහ පොලීසිය ප්රදේශවාසීන්ගේ සහාය ඇතිව මෙහෙයුම් ක්රියාත්මක කර තිබුණි.
දෙණියාය, බෙවරලිය ප්රදේශයේ කැලේදොළ නම් ස්ථානයට දිය නෑමට ගිය තරුණයන් සිව්දෙනෙකු දියේ ගිලී අතුරුදන්වීමේ සිදුවීම වාර්තාවුණේ ඊයේ පස්වරුවේයි.
විනෝද චාරිකාවක් සඳහා එහි පැමිණි කොල්ලුපිටියේ පෞද්ගලික පරිගණක ආයතනයක සේවයේ නියුතු තරුණයන් 7දෙනෙකු අතරින් 6 දෙනෙකු අදාළ ස්ථානයේ දියනෑම සඳහා ගොස් තිබූ අතර අතුරුදන්ව තිබුණේ ඒ අතරින් සිව්දෙනෙකි.
අතුරුදන්වූවන් සොයා නාවික හමුදාව සහ පොලීසිය ඊයේ පස්වරුවේ ආරම්භ කළ සෝදිසි මෙහෙයුම් අදත් ක්රියාත්මකයි.
එහිදී තරුණයන් දෙදෙනෙකුගේ මෘතදේහ මෙලෙස සොයාගනු ලැබුණි.















































