
අනුරාධපුර, රුවන්වැලි මහා සෑය අසල පොලිසිය හා හිමිවරුන් අතර ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධියට අදාළව සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා මේ බව පැවසීය.
අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව අද (7) මෙම සත්‍යග්‍රහය සංවිධානය කර තිබුණි.
කෙසේ වෙතත් සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් මෙන්ම ඊට සහාය පළකළ සිවිල් පිරිස පොලිසිය පැමිණ එම ස්ථානයෙන් ඉවත් කිරීමට යාමේදී නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇත.
පසුව එය ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වූ බව සඳහන්.














































