
මෙරට තුළ ක්‍රියාත්මක 'මෑන් පවර්' සේවක ක්‍රමය අහෝසි කිරීම සඳහා වත්මන් රජය මේ වනවිට නව නීති සම්පාදනය කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
අද (07) කොළඹදී පැවැත්වෙන වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, සෘජු රැකියාවක නිරත වෙමින් තම ශ්‍රමය ලබාදෙන සේවකයා වෙනුවෙන් අතරමැදියෙකුට මුදලක් ගෙවීම රජය පිළිනොගන්නා බවය.
මෑන් පවර් සේවකයන්ගේ රැකියා ස්ථිර කරගැනීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් වසර ගණනාවක් පුරා ගෙන ගිය අරගලය ඉදිරියටත් ශක්තිමත් කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.














































