
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව මැතිවරණ කොමිසම එම පක්ෂයේ පාර්ශ්වයන්ට දැනුම්දී තිබේ.
ඒ අනුව, නිලවරණයක් පැවැත්වීම ඇතුළු අවශ්‍ය නිර්ණායක සපුරාලීමෙන් පසු පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචිවීමට යළි ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙස කොමිසම දැනුම්දී ඇත.
එම පක්ෂයේ පාර්ශව කිහිපයක් මැතිවරණ කොමිසමට ගෙන්වා මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ බව ප්‍රකාශ කළේය.
එම පිරිසට දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළත් වන සිටි බව සඳහන්ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තර අර්බුදකාරී පක්ෂයක් වන බැවින් මැතිවරණයකට නාමයෝජනා භාරදීමට හැකියාවක් නැත.
ඒ හේතුවෙන් පක්ෂ නිලවරණය පවත්වා නිලධාරි මණ්ඩලය පත්කරගැනීමෙන් ඉදිරි කටයුතු කළ යුතු බව අදාළ සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේය.














































