
ගල්නෑව නගරයේ නිවසකට අනවසරයෙන් ඇතුළු වී අශෝභන ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඊයේ (06) රාත්‍රියේ ගල්නෑව නගරයේ නිවසකට අනවසරයෙන් ඇතුළු වී අශෝභන ලෙස හැසිරුණු බව කියන මෙම පුද්ගලයා ගල්නෑව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් පමණ වන ගල්නෑව ප්‍රදේශයේ පදිංචි මධුරංග රත්නායක නොහොත් 'බංටි' නමැත්තෙකු බව පොලීසිය හඳුනාගෙන ඇත.
එමෙන්ම අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට සිදු වූ බව කියන අපයෝජන සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ලෙසද මොහු හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කර සිටී.
මීට පෙරද අපරාධ රැසක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
අදාළ සැකකරු නිවසේ නාන කාමරයේ තිබූ කවුළුවකින් නිවස තුළට ඇතුළු වී, එහි තිබූ ඇඳුම් ඇඳගෙන අශෝභන ලෙස හැසිරී ඇති බව සීසීටීවී දර්ශන ඔස්සේ නිරීක්ෂණය වී තිබේ.
එමෙන්ම අනතුරුව ඔහු නිවසේ ඉදිරිපස දොර විවෘත කර පිටව ගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්නෑව පොලීසිය විසින් සිදුකරනු ලබයි.














































