
සිමෙන්ති මිල ඉහළ දැමීමට නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ.
ඒ අනුව කිලෝග්රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව අදාළ සමාගම් සඳහන් කළේය.
ඒ අනුව මේ වන විට කිලෝග්රෑම් 50ක මිල රුපියල් 2,100ත් 2,250ත් අතර මිල ගණන් යටතේ පැවති සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,200ත් 2,350ත් අතර මිල දක්වා ඉහළ ගොස් තිබේ.
සිමෙන්ති නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් සමග මෙලෙස සිමෙන්ති මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.


















































