header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
බෙංගාල බොක්ක ආශ්‍රිතව කැලඹිලි තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්
බෙංගාල බොක්ක ආශ්‍රිතව කැලඹිලි තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්
Mobitel 1278

ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව නොවැම්බර් 11 වැනිදා පමණ වන විට කැලඹිලි තත්ත්වයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම තත්ත්වය නොවැම්බර් 13 වැනිදා පමණ වන විට අඩු පීඩන කලාපයක් බවටත්, ඉන් අනතුරුව නොවැම්බර් 15 වැනිදා පමණ වන විට පීඩන අවපාතයක් බවටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය සඳහන් කළාය.

එබැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වන ජනතාව මේ පිළිබඳව විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.

මේ අතර, අද දිනයේදී ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව ද  කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පවසයි.

උදෑසන කාලයේදී ද වැසි ඇතිවීමේ හැකියාව පවතින අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින් අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, අද දිනයේදී දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

සාමාන්‍යයෙන් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20ත් 30ත් අතර අගයක් ගනු ඇති නමුත්, ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වේගයකින් තද සුළං හැමිය හැකි බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

එබැවින් මුහුදු ප්‍රදේශවල කාලගුණික තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

 ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

 එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ