
දෙණියාය, බෙවරලිය ප්රදේශයේ 'කැලේදොළ' නම් ස්වභාවික ජල පාරේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ තරුණයන් සිව්දෙනාගෙන් තවත් අයෙකුගේ සිරුරක් මේ වන විට සොයාගෙන තිබේ.
කොල්ලුපිටියේ පෞද්ගලික පරිගණක ආයතනයක රැකියාවේ නියුතු තරුණයන් 7 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඊයේ (07) දින දෙණියාය, බෙවරලිය ප්රදේශයට විනෝද චාරිකාවක් සඳහා පැමිණ ඇත.
එහිදී එම පිරිසෙන් 6 දෙනෙකු කැලේදොළ ප්රදේශයේ දිය නෑමට ගොස් ඇති අතර, එහිදී සිව්දෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබුණි.
අතුරුදන් වූවන් සෙවීම සඳහා නාවික හමුදාව, පොලීසිය සහ ප්රදේශවාසීන් එක්ව දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළහ.
අද (08) දින ක්රියාත්මක කළ පුළුල් මෙහෙයුම් හමුවේ අද පෙරවරුවේ මළ සිරුරු දෙකක් සොයාගත් අතර, ඉන්පසුව පස්වරුවේ තවත් අයෙකුගේ සිරුරක් මෙලෙස සොයා ගැනීමට හැකි වී තිබේ.
දියේ ගිලී අතුරුදන්ව සිටින අවසන් තරුණයාගේ සිරුරද සොයා නාවික හමුදා කිමිදුම්කරුවන් සහ ප්රදේශවාසීන්ගේ සහාය ඇතිව පොලීසිය විසින් මේ වන විටත් දැඩි සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්රියාත්මක කරනු ලබයි.



















































