
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.08ක් ලෙස සටහන් වී ඇති අතර, එය පෙර වෙළෙඳ සැසියට සාපේක්ෂව 3.03%ක පහළ යාමකි.
එමෙන්ම Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 94.77ක් දක්වා පහළ ගොස් ඇති අතර, එහි පහළ යාම 3.61%ක් ලෙස සටහන් වී තිබේ.
















































