
අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහසෑය අබියස පැවැත්වෙන සත්යග්රහයක් අතරතුරදී එහි පැමිණි පුද්ගලයෙකු සහ ස්වාමීන් වහන්සේලා අතර හටගත් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
පූජා භූමියක් තුළ මෙවැනි ක්රියාමාර්ග සිදුකිරීම ශාසනයට අගෞරවයක් බව පවසමින් අදාළ පුද්ගලයා සත්යග්රහයේ නිරතව සිටි ස්වාමීන් වහන්සේලා වෙත දැඩි ලෙස දොස් පැවරීමත් සමඟ මෙම මතභේදකාරී තත්ත්වය හටගෙන තිබේ.
එහිදී ස්වාමීන් වහන්සේලා සහ අදාළ පුද්ගලයා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුව ඇත.
පසුව, එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙකු විසින් වහාම මැදිහත්වී අදාළ පුද්ගලයා එම ස්ථානයෙන් ඉවත්කිරීමට කටයුතු කර ඇති අතර, එමගින් උණුසුම්කාරී තත්ත්වය පාලනය වී තිබේ.
















































