
ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව හා කඩිනම්ව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව 'ඩෙංගු මදුරු මර්දන මෙහෙයුම් කාර්යාලයක්' ස්ථාපිත කර තිබේ.
ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර අංශය කේන්ද්‍ර කරගනිමිනි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නොවැම්බර් 09 වනදා සිට 14 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි විශේෂ ඩෙංගු මර්දන සතිය ප්‍රකාශයට පත් කරන ලදී.
පවතින කාලගුණික වෙනස්වීම් හමුවේ මදුරු ඝණත්වය වැඩිවීම සහ රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව ඩෙංගු අවදානම පවතින දිස්ත්‍රික්ක 13ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක එම මර්දන සතියේ කටයුතු නව මෙහෙයුම් කාර්යාලය හරහා පාලනය කෙරේ.
















































