header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නෙවිල් ප්‍රනාන්දු රෝහල ගුවන් හමුදාවේ පරිපාලනය යටතේ ඇරඹෙන හැටි
නෙවිල් ප්‍රනාන්දු රෝහල ගුවන් හමුදාවේ පරිපාලනය යටතේ ඇරඹෙන හැටි
Mobitel 1278

මාලබේ පිහිටි නෙවිල් ප්‍රනාන්දු රෝහල මින් පසු ගුවන් හමුදා පරිපාලනය යටතේ පවත්වාගෙන යන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ 2017 වසරේදී රජයට පවරා ගැනීමෙන් අනතුරුව එහි පවතින ණය මේ වන විට ගෙවා අවසන් බවය.

ඒ අනුව වර්තමානය වන විට නෙවිල් ප්‍රනාන්දු රෝහල මහා භාණ්ඩාගාරයේ දේපළක් ලෙස ගුවන් හමුදා පරිපාලනය යටතේ ක්‍රියාත්මක වන බව පැවසූ අමාත්‍යවරයා මෙතෙක් ජනතාවට ලබා දුන් පහසුකම් ඒ ආකාරයෙන්ම ඉදිරියට ගුවන් හමුදා පරිපාලනය යටතේ ජනතාවට ලබා දෙන බවය.

මේ සම්බන්ධව වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

"නෙවිල් ප්‍රනාන්දු මැතිතුමා විසින් ගොඩනගන ලද ඒ රෝහල සහ වෛද්‍ය පීඨය 2017 වසරේදී රජයට පවරාගත්තා ඒ ඉදිකරන ලද නෙවිල් ප්‍රනාන්දු මහතාගේ පවුලට ඒ මුදල් ගෙවීමටත් එකඟතා සහිතව. ඒ අනුව පාර්ශ්ව තුනක් හැටියට ත්‍රෛපාර්ශ්වික ගිවිසුකමක් මගින් ඒ වෙලාවේ තිබුණා බැංකුවකට ගෙවිය යුතු ණය ප්‍රමාණයක් තිබුණා. ඒක ක්‍රමානුකූලව භාණ්ඩාගාරය විසින් ගෙව්වා. අපේ රජය ආවට පස්සේ තමයි ගෙවීම් අවසන් කළේ. එතැනින් පස්සේ තමයි භාණ්ඩාගාරයට මේ අයිතිය ලැබෙන්නේ බැංකුවෙන්. එතකොට දැන් මේක භාණ්ඩාගාරය සතු දේපළක්. දැන් ඇඳන් 1002ක් සහිත මේ රෝහළ ඉදිරි ගමන්මග පිළිබඳව සැලසුමක් සකස් කරගත යුතුව තිබුණා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවක් විසින් තමයි මෙහි පරිපාලනය කරගෙන ගියේ. රෝහලේ යම් මුදල් අය කිරීමකුත් කරනවා, නොමිලේ සේවා සැපයීමකුත් කරනවා. නමුත් එම මුදල් ප්‍රමාණවත් වුණේ නෑ එහි සේවකයින්ට පඩි ගෙවන්නවත්. ඒ අනුව සාමාන්‍යයෙන් මාසයකට රුපියල් මිලියන 50ක පමණ මුදලක් පහුගිය අවුරුදු කිහිපයේම සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ලබා දුන්නා. ඊට පසුව මේ රෝහලේ අනාගතය පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණා. 2017  වසරෙදි තාවකාලිකව ණය ගෙවීමට භාණ්ඩාගාරය මැදිහත් වුණාට ඊට පසුව කරන දේ ගැන ස්ථීර විසඳුමක් තිබුණේ නෑ.

ඒ අතරෙදි ගුවන් හමුදාවටත් අවශ්‍ය වෙලා තිබුණා තමන්ගෙම වූ රෝහලක්.  දැනට ගුවන් හමුදාවේ ගුවන්පුර ප්‍රදේශයේ තිබෙනවා ගුවන් හමුදා රෝහලක් ඇඳන් 60ක් සහිත රෝහලක් නමුත් ඒක ප්‍රමාණවත් නෑ. ගුවන් හමුදාවේ නිලදාරීන්ට සහ විශ්‍රාම ගිය නිලදාරීන්ට ඒ ප්‍රතිකාර සපයන්න.  ඒ අනුව මේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල ගුවන් හමුදාවේ පරිපාලනය යටතේ භාණ්ඩාගාරයේ දේපළක් හැටියට පවතිනවා. ගුවන් හමුදාවට ඇඳන් 180ක පමණ ප්‍රමාණයක් මේ කලාපය තුළ පවතිනවා. ගුවන් හමුදාව විසින් ඒ කටයුතු සිදුකරනවා. ඊට අමතරව ජනතාවට නොමිලේ සේවාවන් සැපයීමේ පහසුකම් තිබුණා ඒක දිගටම කරගෙන යනවා. ඊළඟට මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් තිබුණා ඒකත් දිගටම කරගෙන යනවා. දැන් රෝහල මුළුමනින්ම අංග සම්පූර්ණව ක්‍රියාත්මක කිරීම සහ සංවර්ධනය කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද රෝහල ආරම්භයේදී මිලදී ගන්නා ලද යම් උපකරණවල මේ වන විට කල් ඉකුත් වෙමින් පවතිනවා. තවත් අලුත්වැඩියාවන් ගණනාවක් තිබෙනවා ඒකට භාණ්ඩාගාරයේ මුදල් ලබා දුන්නා. ඖෂධ සැපයීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරනවා. මේ ආදි හැටියට තමයි රෝහලේ කළමනාකරණ කටයුතු සිදුකරන්නේ."

MostRead
Mobitel 1278
VideoStories
අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ