
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් අද (10) පෙරවරුවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් සංවිධාන කර තිබුණි.
එහිදී ඔවුන් ඉල්ලා සිටියේ, පෞද්ගලික ආයතනවලට අයත් ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන සැපයීම අඛණ්ඩව ලබා දෙන ලෙසය.
එමෙන්ම සියයට 3.6ක්ව පැවති කොමිස් මුදල සියයට 1.5ක් දක්වා අඩු කිරීමට ඛනිජ තෙල් බෙදුම්කරුවෝ සිය විරෝධය පළ කළහ.
ඉන්ධන මිල සූත්‍රය නියාමනය කිරීම සඳහා නිසි බලධාරියෙකු පත් කරන ලෙසට ද ඔවුහු ඉල්ලා සිටියහ.
මෙම නිහඬ විරෝධතාව සංවිධාන කර තිබුණේ, පෞද්ගලික ආයතන තුනට අයත් බෙදුම්කරුවන්ගේ සංගමයේ සාමාජිකයන් විසිනි.
















































