
ගාල්ල, රත්ගම, මලියදුව ප්රදේශයේ ක්රීඩාංගණයකදී හිටපු යුද හමුදා නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය නොවැම්බර් 26 වනදා රත්ගම පොලිස් වසමේ මලියදුව ප්රදේශයේ ක්රීඩාංගණයකදී මෙම වෙඩි තැබීම සිදුව තිබූ අතර, එහිදී 47 හැවිරිදි රිච්මන් කන්ද, ගාල්ල ප්රදේශයේ පදිංචි හිටපු යුද හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශන ආරම්භ කර තිබූ අතර, ඒ අනුව ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 38 සහ 41 යන වයස්වල පසුවන ගිංතොට, මාගාල්ල සහ ගාල්ල ප්රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා රත්ගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ රත්ගම පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




















































