
හැටන් සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට කඳු මුදුනේ සිට පෙරළී ආ ගලක් වැටීමෙන් එම බස් රථයේ ගමන් ගත් මගියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (28) පස්වරු 2.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර ඒ ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොළ අසලදීය.
අනතුරින් තවත් පුද්ගලයින් දෙදෙනෙකුද තුවාල ලබා ගිනිගත්හේන ප්රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ.
බස් රථය කොළඹ බලා පැමිණීමේදී කඳු මුදුනේ සිට පෙරළී ආ ගල බස් රථයේ වැදී ඇති අතර එහිදී එක් අයෙකු බරපතළ තුවල ලබා තිබේ.
එහිදී තුවාලකරු කඩිනමින් ගිනිගත්හේන ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති නමුත් ඒ වන විටත් ඔහු මියගොස් ඇති බවද පොලිසිය පැවසීය.
ගල පෙරළීමෙන් බස් රථයටද දැඩි ලෙස හානි සිදුව ඇති අතර ඇද හැළුණු වැසි සමග ගල පෙරළීමට ලක්වන්නට ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 35 හැවිරිදි අයෙකු වන අතර ඔහු ආගරපතන ප්රදේශයේ පදිංචි අයෙකු බවද පොලිසිය පැවසීය.















































