
එප්පාවල, මහඉලුප්පල්ලම ප්රදේශයේදී ඊයේ (27) අලුයම කාන්තාවක් ඝාතනය කර සැකකරු පලායමින් සිටියදී, වනඅලියෙකුගේ ගැටී තුවාල ලබා එප්පාවල රෝහලට ඇතුළත් කර තිබේ.
තියුණු ආයුධයකින් පහරදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මහඉලුප්පල්ලම ප්රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවක බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එම කාන්තාව සමග සමීප ඇසුරක් පවත්වා ඇති සැකකරු, මුදල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට සැක කෙරේ.
ඝාතනයෙන් පසු ප්රදේශයෙන් පලායාමට උත්සාහ කළ අවස්ථාවේ සැකකරු වනඅලියෙකුගේ ගැටී ඇති අතර, රෝහල්ගත කරන අවස්ථාවේදී ඔහු වස පානය කර සිටි බවටද තොරතුරු වාර්තා වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරනු ලබයි.















































