
කුක් දූපත්වල අතරමංව සිටින ශ්‍රී ලාංකික කාන්තාවක වන රුචිරා සෙව්වන්දි රණසිංහ මහත්මිය ආරක්ෂිතව යළි දිවයිනට ගෙන්වා ගැනීම සඳහා නවසීලන්ත රජයේ මැදිහත්වීම ඉල්ලා ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.
ඒ අනුව ඇයගේ ආරක්ෂිත සහ ස්වේච්ඡා නැවත පැමිණීම සඳහා විශේෂ මානුෂීය සැලකිල්ලක් දක්වන ලෙස ඉල්ලා නවසීලන්තයේ ආගමන කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය කැමරන් බෲවර් මහතා වෙත නිල වශයෙන් ලිපියක් යොමු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ඒ අනුව අදාළ ගැටලුව විසඳීම සඳහා නවසීලන්ත සහකාර අමාත්‍යවරයාගේ පෞද්ගලික මැදිහත්වීම අපේක්ෂා කරන බව ද නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසා තිබේ.
මේ අතර නවසීලන්තයේ වෙලින්ටන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙම සිද්ධිය ආරම්භයේ සිටම සක්‍රීයව මැදිහත් වී කටයුතු කරන බව ද ඒ මහතා පෙන්වා දී ඇත.
නවසීලන්තයේ ආගමන නීති සහ නියාමන ක්‍රමවේදයන්ට පූර්ණ ගෞරවය දක්වමින් දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඔස්සේ මෙම ගැටලුවට ප්‍රායෝගික හා මානුෂීය විසඳුමක් ලබාගැනීමට අපේක්ෂා කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
විදේශගත ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සුබසාධනය සහ ගෞරවය ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බවත්, රුචිරා සෙව්වන්දි රණසිංහ මහත්මිය ආරක්ෂිතව යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සුදුසු රාජ්‍යතාන්ත්‍රික හා කොන්සියුලර් ක්‍රියාමාර්ග අඛණ්ඩව ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.











































