
දකුණු අන්දමන් මුහුද සහ ඊට යාබද ප්‍රදේශ ආශ්‍රිතව නොවැම්බර් 29 වැනිදා පමණ වනවිට පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවයක් වර්ධනයවීමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (26) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙහි බලපෑමෙන් නොවැම්බර් 30 වන විට දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය, අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්රිත ප්‍රදේශය සහ ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනයවීමට ඉඩ පවතින බවය.
තවද දෙසැම්බර් 2 වැනිදා පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව මෙය තවදුරටත් වර්ධනය වී, පීඩන අවපාතයක් බවට පත්වීමේ අඩු සම්භාවිතාවක් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව අද දිනයේ දත්ත මත පදනම්ව ඉදිරි පැය 168 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාව පවතී.
මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් දන්වා සිටී.












































