
නොර්වුඩ්, වෙන්චර් උඩ කොටස ප්රදේශයේදී නොර්වුඩ් දෙස සිට වෙන්චර් අක්කර 50 දෙසට ධාවනය වූ කැබ් රථයක පිටුපස ගමන් කළ දැරියක් එම රථයෙන් බිමට වැටී සිදුවු අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (25) සවස මෙම අනතුර සිදුව ඇති අතර,බරපතළ තුවාල ලැබූ දැරිය දික්ඔය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගිය දැරිය අවුරුදු 13ක් වූ අක්කර 50 ප්රදේශයේ පදිංචිකාරියකි.
සිද්ධියට සම්බන්ධ කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නොර්වුඩ් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.










































