
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින තමනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඉකුත්දා දුන් නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරනවාද? නැද්ද? යන නියෝගය දෙසැම්බර් මස 14වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළේය.
නාමල් රාජපක්ෂ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන ප්රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අද(25) කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.








































