
මුලතිව් දිස්ත්රික්කයේ මහවිරු පවුල්වල ජිවත්වන දෙමාපියන්ට ගෞරව දැක්වීමේ වැඩසටහනක් මුලතිව්,සෙම්මලෙයි ග්රාමයේදී පවත්වා තිබේ.
මහවිරු සතියට සමගාමීව අදාළ සැමරුම් වැඩසටහන සංවිධානය කොට තිබු අතර,මහවිරු පවුල්වල දෙමාපියල් පෙරහැරකින් කැඳවාගෙන විත්,මියගිය පුද්ගලයින්ගේ ජායාරූප වෙත මල් පුදා,පහන් දල්වා වැඩසටහන සංවිධානය කොට තිබිණි.
එල්.ටි.ටි සංවිධානය ක්රියාකාරීව පැවති සමයේ යුද්ධයෙන් මියගිය පුද්ගලයින් සිහි කිරීම සෑම වසරකම නොවැම්බර් මාසයේදී සිදුකරනු ලබන අතර, නොවැම්බර් 26වැනිදා මහවිරු දිනය ලෙස නම්කොට තිබිණි.
මුලතිව් දිස්ත්රික් ස්වෙච්ජා සංවිධාන හා ප්රදේශවාසීන් වැඩසටහන සංවිධානය කොට තිබිණි.








































